×

මැද පෙරදිග ඇමරිකානු හමුදා භටයින් 750 යෙදවීමට නියෝග!

මීට අමතරව, IRF බලකායේ අතිරේක බල ඇණි ඉදිරි දින කිහිපය තුළ ස්ථාපිත කිරීමට නියමිතය.


එක්සත් ජනපදය මැද පෙරදිග හමුදා භටයින් 750 ක් පමණ යෙදවීමට තීරණය කොට තිබේ.

ඒ, පසුගිය දින ඉරාකයේ ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට දියත් වූ ප්‍රචණ්ඩකාරී උද්ඝෝෂණ වලට ප්‍රතිචාර වශයෙනි.

ඇමරිකානු ආරක්ෂක ලේකම් මාර්ක් එස්පර් මහතා ට අනුව මෙම ක්‍රියාමාර්ගය කඩිනමින් සිදුකරනු ඇත.

මේ අනුව වහා ක්‍රියාත්මක වන පරිදි 82 වන ගුවන් බලඇණියේ ක්ෂණික ප්‍රතිචාර බලකායෙන් (Immediate Response Force IRF) පාබල බලඇණියක් යෙදවීම සඳහා නියෝග ලබා දී තිබේ.

මීට අමතරව, IRF බලකායේ අතිරේක බල ඇණි ඉදිරි දින කිහිපය තුළ ස්ථාපිත කිරීමට නියමිතය.

ඇමරිකානු මැදිහත් වීම් නතර කරන ලෙස බල කරමින් සිය ගණන් විරෝධතාකරුවන් පසුගිය අඟහරුවාදා (31) දින විරෝධතාවයේ නිරත වනු දක්නට ලැබී තිබිණි.

ඒ, ඉරාකයේ බැග්ඩෑඩ් නගරයේදීය.

ඉරාකයේ හෂ්ඩ් අල්-ෂාබි නම් පැරාමිලිටරි කණ්ඩායම් සිය ධජය ඔසවමින් ඇමරිකාවට විරෝධය පාන අන්දම මෙහිදී දක්නට ලැබිණි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි