×

ට්‍රම්ප් ප්‍රතිවාදීන් මට්ටු කරන්න යුක්‍රේනයට යැවීමට ප්‍රකාශයක් කෙටුම්පත් කරලා!

දෙවන ධූර කාලයක් දක්වා ආසනය රැක ගැනීමට වෙර දරන ට්‍රම්ප් ගේ මෙම ක්‍රියා කලාපය මේ වන විට බොහෝ පාර්ශවයන්ගේ පිළිකුලට ලක්වී ඇත.


ඇමරිකානු රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් දෙදෙනෙකු විසින් එරට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දේශපාලන ප්‍රතිවාදීන් කොටුකර ගැනීමට යුක්‍රේන ජනාධිපති වොලොදිමිර් සෙලෙන්ස්කි වෙත යැවීමට ප්‍රකාශයක් කෙටුම්පත් කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.

නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත පසුගිය බ්‍රහස්පතින්දා (03) පළකල වාර්තාවක් අනුව, යුක්‍රේන ජනාධිපතිවරයාට තම රාජ්‍යය තුළ සබඳතා ඇති ට්‍රම්ප් ප්‍රතිවාදීන් පිළිබඳ විමර්ශනයක් දියත් කරන මෙන් ඉල්ලා ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයින් දෙදෙනෙකු ප්‍රකාශයක් කෙටුම්පත් කොට ඇත.

මෙම රාජ්‍යතාන්ත්‍රිකයින් දෙදෙනා යුරෝපා සංගමයේ ඇමරිකානු තානාපති ගෝර්ඩොන් සොන්ලන්ඩ් හා යුක්‍රේනයේ ඇමරිකානු විශේෂ නියෝජිත කර්ට් වොල්කර් වේ.

එම පුවත්පත වාර්තා කරන පරිදි මෙම ප්‍රකාශය කෙටුම්පත් කොට තිබෙන්නේ පසුගිය අගෝස්තු මස තුළදී ය. එමෙන්ම මේ වන විට එම කෙටුම්පත යුක්‍රේන වගකිව යුතු නිලධාරීන් තිදෙනෙකුට යවා ඇත.

කෙසේවෙතත්, කර්ට් වොල්කර් පසුගිය දිනක ට්‍රම්ප් ගේ දේශපාලන ප්‍රතිවාදීන් පාලනය කිරීමට විදෙස් සහය ලබා ගැනීමට සහය පළකලේ යැයි ගොඩනැඟුණු චෝදනා මත තම ධූරයෙන් ඉල්ලා අස්වී ඇත.

ඇමරිකාවේ එළඹෙන ජනාධිපතිවරණයට පෙනී සිට දෙවන ධූර කාලයක් දක්වා ආසනය රැක ගැනීමට වෙර දරන ට්‍රම්ප් ගේ මෙම ක්‍රියා කලාපය මේ වන විට බොහෝ පාර්ශවයන්ගේ පිළිකුලට ලක්වී ඇත. එමෙන්ම, ඩිමොක්‍රටික් පක්ෂය ඔහුට විරුද්ධව දෝශාභියෝගයක් ගෙන ඒමට ද කටයුතු කර ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි