×

ඇමරිකානු ගුවන් යානා ඇෆ්ගන් සරණාගතයන් ගෙන යද්දී IS ප්‍රහාර එල්ලවේදැයි බියක්

තලෙයිබාන් සංවිධානය විසින් කාබුල් අගනුවර යටත් කර ගෙන අදට සතියක් සපිරේ.


තලෙයිබාන් නතු කර ගැනීමෙන් විපතට පත් ඇෆ්ගන් ජනතාව කාබුල් ගුවන් තොටුපොළේ සිට ලොව පුරා සරණාගත ගමනාන්ත වෙත ගෙනයන්නට ඇමරිකානු වාණිජ ගුවන් යානා යෙදවීමට තීරණය කර තිබේ.

ඩෙල්ටා, යුනයිටඩ් එයාලයින්ස් සහ තවත් වාණිජ ගුවන් සේවාවන් මේ වන විටත් මෙම සේවාව ක්‍රියාත්මක කරමින් සිටියි.

මෙහි ප්‍රධාන ඡායාරූපයෙන් දැක්වෙන්නේ, දැනට ඔවුන් වැඩි වශයෙන් ගෙන යන ඇමරිකානු හමුදා ගුවන් යානාවක් තුළ අධික තදබදය සහිතව ගාල් වී සිටින ආකාරයයි.

ගුවන් තොටුපොළේ ඇති වූ තදබදය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 20 දක්වා ඉහළ ගොස් ඇත.

IS ප්‍රහාර එල්ල වේවිද?

මේ අතර, ඇමරිකානු හමුදාවට කාබුල් ගුවන් තොටුපොළේදී IS ප්‍රහාර එල්ල වේදැයි බියක් ඇති වී තිබේ. කාබුල් ගුවන් තොටුපොළේ පාලනය මේ වන විට පවතින්නේ ඇමරිකානු හමුදාව අතයි. ඉස්ලාමීය රාජ්‍ය කණ්ඩායමේ ඇෆ්ගන් ශාඛාව වෙතින් එවැනි අනතුරු ඇඟවීමක් සිදුව ඇති බවට විදෙස් මාධ්‍ය ගණනාවක් වාර්තා කරයි.

 

කාබුල් ගුවන් තොටුපොළ තුළ පවතින දැඩි තදබදය



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි