×

ඇමරිකාව සංක්‍රමණිකයන් නෙරපීමට තවත් නීති ගෙනෙයි

මේ පිළිබදව ඇමරිකානු මානව හිමිකම් සංවිධාන පවසන්න් මෙම ක්‍රියාව හේතුවෙන් සිය දහස ගණනක් පුද්ගලයින් ට උන් හිටි තැන් අහිමි වනු ඇති බවයි.


අධිකරණයක් තුළ නීති ක්‍රියාමාර්ගයකින් තොරව සංක්‍රමණිකයන් පිළිබදවතීරණ ගැනීමේ හැකියාව සෘජුවම නනිළධා‍ෙනි වෙත ලබා දීම සදහා නව නීතියක් ඇමරිකාව විසින් හදුන්වා දී ඇත.

මෙම නව නීතිය යටතේ තමන් ඇමරිකාව තුළ වසර දෙකකට අධික කාලයක් ජීවත් වූ බවට තහවුරු තළ නොහැකි ඕනෑම සංක්‍රමණිකයෙකු අධිකරණ ක්‍රියාවලියකින් තොරව රටින් නෙරපා හැරීය හැකිය.

මේ පිළිබදව ඇමරිකානු මානව හිමිකම් සංවිධාන පවසන්න් මෙම ක්‍රියාව හේතුවෙන් සිය දහස ගණනක් පුද්ගලයින් ට උන් හිටි තැන් අහිමි වනු ඇති බවයි. අද දින මෙම නව නීතිය හදුන්වා දීමට නියමිත අතර හැකි ඉක්මණින් එය ක්‍රියාත්මක කරන බව ඇමරිකානු රජය පවසයි.
විචාරකයන්ගේ මතය වී ඇත්තේ 2020 මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ මූලික ප්‍රතිපත්තියක් වශයෙන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම සංක්‍රමණ නීති දැඩි කිරීමේ ක්‍රියාවලිය භාවිතා කරනු ඇති බවයි.

මින් පෙර ඇමරිකානු දේශ සීමාවේ සිට කිලෝ මීටර් 160ක් දුරින් ඇමරිකාව තුළ සිටි සංක්‍රමණිකයන් රදවා ගත් අතර නව නීතියත් සමග හැකි ඉක්මණින් මීට සති දෙකකට අඩු කාලයක් එසේ රැදී සිටින සියල්ලන් හැකි ඉක්මණින් ඇමරිකාවෙන් පිටමං කරනු ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි