×

ඉරානයේ අවි තහනම හැකිතාක් දීර්ඝ කිරීම ඇමරිකාවේ අරමුණයි, පොම්පියෝ යළි දොඩමළු වෙයි

මීට ඉහත දී පොම්පියෝ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය අමතා එකී අවි තහනම දින නියමයක් නොමැතිව දීර්ඝ කළ යුතු බවට ප්‍රකාශ කරන ලදී.


එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ අද දින නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ ලෝක බලවතුන් සමඟ එකඟතාවට එළඹි ඉරානයට පැනවූ අවි තහනම හැකිතාක් දීර්ඝ කිරීම සිය රජයේ අභිලාශය බවයි.

එක්සත් ජාතීන් විසින් ඉරානය වෙත පනවා තිබූ අවි තහනම එළඹෙන ඔක්තෝබර් මස කල් ඉකුත් වීමට නියමිත අතර, මෙම තහනම සුළු කාලයකට නොව හැකිතාක් දීර්ඝ කිරීමට ට්‍රම්ප් ප්‍රමුඛ පරිපාලනය කටයුතු කරන බවට හෙතෙම පැවසීය.

මේ සඳහා වෙනත් ජාතීන්ගේ කැමැත්ත විමසීමකින් තොරව කටයුතු කිරීමට ඇමරිකාවට අයිතියක් තිබෙන බවද පොම්පියෝ වැඩිදුරටත් අවධාරණය කළේය.

මීට ඉහත දී පොම්පියෝ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය අමතා එකී අවි තහනම දින නියමයක් නොමැතිව දීර්ඝ කළ යුතු බවට ප්‍රකාශ කරන ලදී.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි