×

කැපිටල් හිල් කෝලාහලය ගැන මෙලානියා ට්‍රම්ප් කලකිරීමෙන්!

ඉකුත් බදාදා දින එක්සත් ජනපදයේ වොෂිංටන් අගනුවර කැපිටල් හිල් ගොඩනැගිල්ල ට කඩා වැදෙමින් බිහිසුණු හා අශෝභන අන්දමින් හැසිරුණු ට්‍රම්ප්වාදීන් පිළිබඳ ජනපති ආර්යාව මෙලානියා ට්‍රම්ප් සිය කලකිරීම ප්‍රකාශ කර තිබේ.


ස්කයි නිව්ස් පුවත්පත වාර්තා කරන අන්දමට, කැපිටල් හිල් සිදුවීම සම්බන්ධයෙන් ප්‍රථම වරට අදහස් දක්වා ඇති මෙලානියා ට්‍රම්ප් මහත්මිය එමඟින් තම බලාපොරොත්තු බිඳී ගිය බවත් කලකිරීමක් ඇති වූ බවත් ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම කැපිටල් හිල් සිදුවීම පාදක කොට ගෙන ලැජ්ජා සහගත අන්දමින් තමා වෙත පෞද්ගලික ප්‍රහාර එල්ල කිරීමට විවිධ පාර්ශවයන් කටයුතු කර ඇති බවද ඈ සඳහන් කළා ය.

විවිධ මඩ ප්‍රචාර වල ඉලක්කයක් බවට තමා පත්ව ඇති බවට අවධාරණය කළ මෙලානියා ට්‍රම්ප් මහත්මිය වැඩිදුරටත් පෙන්වා දුන්නේ මේ මොහොතේ වැදගත් වන්නේ ඇමරිකාව යළි ගොඩගැනීම බවත් මෙම සිදුවීමෙන් පෞද්ගලික වාසි ලබා ගැනීම නතර කළ යුතු බවත් ය.

කෙසේ වෙතත්, ඈට එල්ල වූවා යැයි සඳහන් කළ පෞද්ගලික ප්‍රහාර මොනවා ද යන්න ඇය ප්‍රකාශ කිරීමෙන් වැළකී තිබේ.

මීට ඉහත දී මෙලානියා ට්‍රම්ප් මහත්මිය ගේ හිටපු මිතුරියක මෙන්ම උපදේශකවරියක වූ ස්ටෙෆනි වින්ස්ටන් වොල්කොෆ් කැපිටල් හිල් සිදුවීම සම්බන්ධයෙන් ඈ මුණිවත රැකීම පිළිබඳව විවේචන එල්ල කළ බවද සඳහන්.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි