×

මේ වසරේ තෙවන වතාවටත් ඇමරිකානු රජය කඩා වැටේ.

මේත් සමග එරට සේවකයන් දහස් ගණනක් රැකියා අවධානමකට ලක්වනු ඇත.


ඇමරිකානු රජය අර්ධ වශයෙන් නැවතත් කඩා වැටීමේ ලකුණු පහළ වී ඇත. ඒ ඊයේ ඇමරිකානු අයවැය සම්මත කර ගැනීමට රජයට නොහැකිවීමත් සමගිනි. මෙසේ අර්ධ වශයෙන් ට්‍රම්ප්ගේ රජය කඩා වැටීම මෙම වසර තුළ සිදුවන්නේ තෙවන වතාවටයි.

සරණාගතයින්ට ඇමරිකාවට පැමිණිය නොහැකි ලෙස ඇමරිකානු දේශ සීමාව හරහා ඉදිකරන්නට සූදානම් වන තාප්පය ට මෙවර අය වැයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 5ක පමණ මුදලක් යෝජනා වී තිබුණද එය ප්‍රතික්ෂේප වීම මීට ප්‍රධානතම හේතුව බවට පත්ව‍ ඇත. එනම් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ ට්‍රම්ප් තාප්පය ඉදිකිරීම සඳහා මුදල් වෙන් කිරීමේ යෝජනාවට ඩිමොක්‍රටික් සභිකයන් විසින් විරුද්ධ වීමයි.

මෙම කඩා වැටීමත් සමග ඇමරිකාවේ සියලු ෆෙඩරල් සේවා ක්‍රියාත්මක වීම නතර වනු ඇත. එසේ ඇණහිටින සේවාවවන් වන්නේ ඇමරිකානු අන්තර් ආරක්ෂක දෙපාර්තුමේන්තුව, ප්‍රවාහන අංශය, කෘෂිකර්ම අංශය පමණක් රාජ්‍ය සහ නීති අංශද වසා දැමෙනු ඇත. ඒ සෙනසුරාදා දින හරියටම ඇමරිකානු වේලාවෙන් මධ්‍යම රාත්‍රි 12 වන විට මෙසේ සියලු ෆෙඩරල් රාජ්‍ය ආයතන වසා ක්‍රියා විරහිත වීම ආරම්භ වීමට නියමිතය. මේත් සමග එරට සේවකයන් දහස් ගණනකගේ රැකියාවන් අවධානමට ලක්වනු ඇති අතර 800000පමණ සේවකයන් කුමන හෝ අයුරකින් මෙය බලපානු ඇත. බොහෝ විට මෙවැනි අවස්ථාවලදී සිදුවන්නේ සේවකයන් හට වැටුපකින් තොරව රාජකාරී කරන ලෙස නියම කිරීමයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි