×

ඉන්දියාව කාශ්මීරය වෙත පැනවූ සීමාවන් ලිහිල් කරනු ඇති බවට ඇමරිකාව අපේක්ෂා කරයි

කාශ්මීර ගැටළුව විසඳීමට කඩිනම් ක්‍රියාමාර්ග ඉන්දියාව විසින් ගනු ඇති බවට අප විශ්වාස කරනවා, ඇමරිකාව පවසයි.


කාශ්මීරයේ පනවා ඇති සීමාවන් ඉවත් කිරීම සහ එහි රැඳවියන් නිදහස් කිරීම සඳහා ඉන්දියාව විසින් කඩිනම් පියවර ගනු ඇතැයි ඇමරිකාව බලාපොරොත්තු වන බව දකුණු ආසියාවේ ජ්‍යෙෂ්ඨ එක්සත් ජනපද නියෝජිතවරිය පවසා තිබේ. 

ජම්මු හා කාශ්මීරය ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ දශක ගණනාවක් මුළුල්ලේ භුක්ති විඳි දේශපාලනික ස්වාධීනත්වය පසුගිය මාසයේදී ඉන්දියාව විසින් ඉවත් කිරීමෙන් පසු එහි දේශපාලන අස්ථාවරභාවය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් ඉදිරිපත් කරන ලද සැලැස්මක් පිළිබඳ අදහස් දක්වමින් දකුණු ආසියාවේ වැඩබලන සහකාර රාජ්‍ය ලේකම් ඇලිස් වෙල්ස් මේ බව ප්‍රකාශ කර සිටියාය.

මේ සම්බන්ධව විශේෂයෙන් න්‍යෂ්ටික බලවතුන් දෙදෙනෙකු අතර හුදෙක් වදන් හුවමාරුවක් පමණක් සිදුනොවී ක්‍රියාවට නැංවීම අගය කරන බවද ඇය අවධාරණය කර සිටියාය. 

වෙල්ස් මේ බව ප්‍රකාශ කරේ පසුගිය එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හා පකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වෙනවෙනම හමුවූ පසුව ය.

බහුතර මුස්ලිම් ප්‍රජාවක් වසන කාශ්මීරය න්‍යෂ්ටික සන්නද්ධ ඉන්දියාව සහ පාකිස්තානය අතරට මැදිවී සිටින කලාපයකි. මෙම රටවල් දෙකම කාශ්මීරයේ කොටස් පාලනය කරන අතර එහි තනි අයිතිය ලබා ගැනීමට දෙරට අරගල කරති.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි