×

එක්සත් ජනපදය ඩොලර් ට්‍රිලියන 1.7 ක දැවැන්ත වියදම් පනතක් සම්මත කරයි

යුක්රේනයට තවත් ආධාර වටයක් සඳහා ඩොලර් බිලියන 45ක් වෙනු කර ඇති අතර මේ සම්බන්ධයෙන් කලකිරීමට පත් රිපබ්ලින් මැකාති පැවසූයේ රිපබ්ලිකන් බහුතරය අනාගතයේදී යුක්රේනය සඳහා හිස් චෙක්පතක්වත් නිකුත් නොකරනු ඇති බවයි.


එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් ඊයේ(23)දිනයේ දී ඩොලර් ට්‍රිලියන 1.7 ක වියදම් පනතක් සම්මත කිරීමට ඡන්දය ප්‍රකාශ කළ බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් ජනාධිපත් ජෝ බයිඩන් විසින් ඉක්මනින්ම පනත් කෙටුම්පතට අත්සන් කරන බවටත්, මෙමඟින් ඇමරිකානුවන්ගේ ප්‍රමුඛතා ඉදිරියට ගෙන යනු ඇති බව ප්‍රකාශ කර තිබිණි.

සභාවේ රිපබ්ලිකානුවන් පනතට දැඩි ලෙස පහර දුන් අතර කැලිෆෝනියාවේ සුළුතර නායක කෙවින් මැකාති එය රකුසකු ලෙස හඳුන්වා තිබිණි. ලබන වසරේ මැකාති සභා කථානායකවරයා වීමට නියමිත වන අතර රිපබ්ලිකානුවන් උත්සහ දැරුවේ ලබන වසරේ ඔවුන් පාලනය කරන තෙක් වියදම් පනත පිළිබඳ ඡන්දය ප්‍රමාද කිරීමට ය. ඇතැමුන් මේ පිළිබඳව විවේචන ඉදිරිපත් කරනු ලැබුවේ මෙම පනත ජාතික ණය වැඩි කර උද්ධමනය උග්‍ර කරනු ඇති බවටයි.

මෙම පනත මිලීටරි වියදම් සඳහා අතිරේක 10%ක තල්ලුවක්ද සහිතව මිලිටරි අයවැය වාර්තාගත ලෙස ඩොලර් බිලියන 858ක් දක්වා වැඩිකර ඇත. එමෙන්ම නිරන්තරව මුහුණ දෙන නියඟය, ගංවතුර, ලැව්ගිනි සහ වෙනත් සිදුවීම්වලින් ගොඩ ඒමට අරගල කරන රට පුරා සිටින ප්‍රජාවන් සඳහා ආපදා සහන වැඩසටහන් සඳහා තවත් ඩොලර් බිලියන 40ක් වෙන් කර තිබේ.

මෙහි යුක්රේනයට තවත් ආධාර වටයක් සඳහා ඩොලර් බිලියන 45ක් වෙනු කර ඇති අතර මේ සම්බන්ධයෙන් කලකිරීමට පත් රිපබ්ලින් මැකාති පැවසූයේ රිපබ්ලිකන් බහුතරය අනාගතයේදී යුක්රේනය සඳහා හිස් චෙක්පතක්වත් නිකුත් නොකරනු ඇති බවයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි