×

ට්‍රම්ප් කොංග්‍රස් මණ්ඩලයේ දී දෝෂාභියෝගය පරදී

සෙනෙට් සභාව ඉදිරියේ ‌‌දෝෂාභියෝගයකට මුහුණ දෙන තෙවන ඇමරිකානු ජනපති බවට ට්‍රම්ප් පත් ‌වේ


දෝෂාභියෝගය මගින් ඔහුට විරුද්ධව ප්‍රධාන පෙලේ චෝදනා දෙකක් එල්ල වූ අතර බලය අයුතු ලෙස භාවිතයේ යෙදීම,‌ කොංග්‍රසය අභිබවා  යුක්රේනය සම්බන්ධව සිය පෞද්ගලික මතය අනුව කටයුතු කිරීම එම චෝදනා දෙකයි.

ඒ් අනුව කොංග්‍රස් මණ්ඩඩලයේ බහුුුුුතරය ඔහුට  එරෙහිව දෝෂාභියෝගය ට පක්ෂව ඡන්දය ලබා දී ඇත.
එහිදී බලය අයුතු ලෙස භාවිත කිරීම පිළිබදව චෝදනාවට පක්ෂව 230 ට 197 ක් වශයෙන් සම්මත වූ අතර දෙවන චෝදනාව වූ  කොංග්‍රසය අභිබවමින් යුක්රේණය සම්බන්ධව තීරණ ගැනීම පිළබදව 229 – 198ක් වශයෙන් සම්මත විය.

ඡන්ද විමසීම අද පැවති අතර කොංග්‍රස් මණ්ඩලයේ ඩිමොක්‍රටික් පක්ෂ නියෝජිතයින් වැඩි පිරිසක් දොෂාභියොගයට පක්ෂවත් රිපබ්ලිකන් පක්ෂ නියෝජිතයින් දෝෂාභියෝගයට විපක්ෂවත් ඡන්දය භාවිත කළහ .‍

කෙසේ වෙතත් කොංග්‍රසය විසින් ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගයට පක්ෂව ඡන්දය ලබා දුන්නද නැවතත් එය රිපබ්ලිකන් බලය සහිත සෙනෙට් සභාවේදී ද සම්මත විය යුතුව පවතී. ඒහිදී ට්‍රම්ප් බලයෙන් පහ කිරීම සදහා සෙනෙට් සභාව තුළ තුනෙන් දෙකක් බහුතරයකින් දෝෂාභියෝග චෝදනා සම්මත කළ ුතු වන්නේය.

2020 ජනපතිවරණය සදහා නැවතත් ඉදිරිපත් වීමේ අපේක්ෂාවෙන් සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් දෝෂාභියෝගය අවස්ථාවේදී පැවති රැළියක් අමතමින් ප්‍රකාශ කලේ

“අප රැකියා උත්පාදනය කරමින් මිචිගන් වෙනුවෙන් සටන් කරමින් සිටින අතර තුර , කොන්ග්‍රසයේ රැඩිකල් වම ඊර්ෂ්‍යාවෙන් , වෛරයෙන් හා කෝපයෙන් පිරී සතුරුකම් කරමින් සිටින බවයි.

දෝෂාභියෝගය සම්බන්ධව ට්‍රම්ප් සාමාජිකත්වය දරණ රිපබ්ලිකන් පක්ෂය දෝෂාභියෝග ක්‍රියාවලිය අසාර්ථ කිරීමේ උත්සහයන් වල ඊ‌ෙයේ සිට යෙදී සිටිය අතර ඉන් අනතුරුව එල්ල වූ චෝදනා දෙන සම්බන්ධව පැය 6ක් විවාදයක් පැවැතිණි.

ඇමරිකානු ඉතිහාසයේ ‌දෝෂාභියෝගයන්ට ලක්වූ අනෙක් ජනපතිවරුන් ‌දෙදෙනා වන්නේ  ඇන්ඩෘෘ ජොන්සන් සහ බිල් ක්ලින්ටන් ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි