×

ජමාල් ගේ ඝාතනයට විරෝධය ප්‍රකාශ කරමින් ඇමරිකාව සවුදිය ට සම්බාධක පනවයි!

එක්සත් ජනපදයේ හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ පරිපාලනය යටතේ සවුදි අරාබිය සමඟ පැවති සබඳතා තුළ එරට සිදුවන බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් වලට ආශිර්වාදය ලැබී තිබූ බවට මානව හිමිකම් ක්‍රියාකාරීහු චෝදනා කර තිබිණි.


2018 වර්ෂයේදී සවුදි අරාබියේදී කෘෘර අන්දමින් ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී ජමාල් ඛෂෝගි ගේ ඝාතනයට විරෝධය ප්‍රකාශ කරමින් එක්සත් ජනපදයේ ජෝ බයිඩන් ප්‍රමුඛ පරිපාලනය විසින් සවුදි අරාබියට සම්බාධක සහ වීසා තහනම් පනවන බවට ප්‍රකාශ කර තිබේ.

ඉකුත් සිකුරාදා (26) දින බයිඩන් පරිපාලනය විසින් මේ බව තහවුරු කර තිබේ.

මාධ්‍යවේදී ජමාල් ඛෂෝගි ගේ ඝාතනය ජාත්‍යන්තර වේදිකාව තුළ මහත් ආන්දෝලනයකට තුඩුදුන් මාතෘකාවක් වන අතර, සවුදි අරාබියේ කොන්සියුල කාර්යාලයෙදී සිදුවූයේ යැයි කියන ඔහුගේ මරණයට එරට රජයට සෘජුව චෝදනා එල්ල විණි.

මේ වන තුරු ජමාල් ගේ මෘතදේහයේ කොටස් සොයා ගැනීමට සමත් ව නැත.

එක්සත් ජනපදයේ හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ පරිපාලනය යටතේ සවුදි අරාබිය සමඟ පැවති සබඳතා තුළ එරට සිදුවන බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් වලට ආශිර්වාදය ලැබී තිබූ බවට මානව හිමිකම් ක්‍රියාකාරීන් චෝදනා කර තිබිණි.

බයිඩන් ගේ සම්ප්‍රාප්තියත් සමඟ සවුදි අරාබිය සහ ඇමරිකාව අතර පවතින සබඳතා පිළිබඳ යළි සමාලෝචනයක් ඇතිවිය යුතු බවට ක්‍රියාකාරීහු පෙන්වා දී තිබිණි.

ඒ අනුව මීට තෙවසරකට පෙර සිදුවූ ඒ කුරිරු ඝාතනයට දැන් එක්සත් ජනපදය ප්‍රතිචාර දක්වා තිබේ.

කෙසේ වෙතත් මෙම සම්බාධක සවුදි අරාබියේ ඔටුන්න හිමි කුමරු මොහමඩ් බින් සල්මාන් ට ක්‍රියාත්මක නොවේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි