×

“වර්ගවාදය අවුලන ඇමරිකාවට චීනය විවේචනය කිරීමට අයිතියක් නෑ,” උතුරු කොරියාවෙන් ප්‍රහාරයක්!

ජෝර්ජ් ෆ්ලොයිඩ් ගේ මරණයට එදිරි විරෝධතා ව්‍යාපාරය මර්දනය කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම මාධ්‍යප්‍රකාශකවරයා අවධාරණය කර තිබෙන්නේ මෙවන් දේ තුලින් පෙනී යන්නේ ඇමරිකානු පාලකයින් තම රාජ්‍යය නොසලකා හරිමින් සිටින බවයි.


කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ් නම් තරුණයා ගේ ගෙල සිරකර ප්‍රසිද්ධියේ ඝාතනය කිරීමට ඇමරිකානු පොලිස් භටයකු කටයුතු කිරීම සමඟ එක්සත් ජනපදයේ හටගත් නොසන්සුන්තාව මේ වන විට අතිශයින් තීව්‍ර වී තිබේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් එරට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු පාලන තන්ත්‍රයට පුළුල් චෝදනා එල්ල වන්නේ අපරාධකරුවන් ආරක්ෂා කිරීමට, වර්ගවාදය පෝෂණය කිරීමට හා ඒ හා සමගාමීව හටගත් විරෝධතා මර්දනය කිරීමට කටයුතු කිරීමත් යන කරුණු මතය.

රට තුළ වර්ගවාදයට එරෙහි ගොඩනැගුණු විරෝධතා මැඩපැවැත්වීම සඳහා වොෂිංටනය “බල්ලන් මුදාහරින” බවට පවා තර්ජනය කර තිබිණි.

මෙවන් තත්වයක් තුළ චීනය සම්බන්ධයෙන් එක්සත් ජනපදය දරණ ස්ථාවරය සම්බන්ධයෙන් උතුරු කොරියාව ප්‍රකාශයක් සිදුකොට තිබේ.

උතුරු කොරියාව අවධාරණය කළේ ඉහත සිදුවීම් හමුවේ එක්සත් ජනපදය අනුගමනය කළ ප්‍රතිපත්තිය මත කිසිවිටක චීනය, හොංකොං නගරය, හෝ මානව හිමිකම් පිලිබඳ කතා කිරීමට එක්සත් ජනපදයට අයිතියක් නොමැති බවය.

උතුරු කොරියානු පාලක පක්ෂයේ (WPK) ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ මාධ්‍යප්‍රකාශකවරයකු විසින් ඉහත අදහස් පළකර ඇති අතර, මෙම අදහස් පළකිරීමට හේතුව වී ඇත්තේ, එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ විසින් චීනය ඉලක්ක කර ගනිමින් සිදුකළ විවේචනාත්මක ප්‍රකාශයකි.

ඉරිදා ෆොක්ස් නිව්ස් සමඟ අදහස් දක්වමින් පොම්පියෝ පවසා තිබෙන්නේ චීන කොමියුනිස්ට් පක්ෂයේ මෑත කාලීන ක්‍රියාමාර්ගවලින් පෙනී යන්නේ එය බටහිර අදහස්, බටහිර ප්‍රජාතන්ත්‍රවාද, බටහිර සාරධර්ම විනාශ කිරීමේ අභිප්‍රායකින් පෙළෙන බවත් ඔවුන් “ඇමරිකානුවන් අවදානමට ලක් කරන” බවත්ය.

මේ සම්බන්ධයෙන් WPK මාධ්‍යප්‍රකාශකවරයා පවසා තිබෙන්නේ පොම්පියෝ ගේ අදහස් විකාරස්වරූපී බවය.

ඔවුනට හොංකොං නගරයේ තත්වය, හා මානව හිමිකම් පිලිබඳ කතාකිරීමට අයිතියක් නොමැති බවද හෙතෙම සඳහන් කළේය.

ජෝර්ජ් ෆ්ලොයිඩ් ගේ මරණයට එදිරි විරෝධතා ව්‍යාපාරය මර්දනය කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම මාධ්‍යප්‍රකාශකවරයා අවධාරණය කර තිබෙන්නේ මෙවන් දේ තුලින් පෙනී යන්නේ ඇමරිකානු පාලකයින් තම රාජ්‍යය නොසලකා හරිමින් සිටින බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි