×

උතුරු කොරියාව න්‍යෂ්ටික අවි භාවිතා කරන්නේ නම් දකුණු කොරියාවේ හා ජපානයේ ආරක්ෂාවට ඇමරිකාව මැදිහත් වන බවට අනතුරු ඇඟවේ.

මෙහිදී අදහස් දක්වන ලද එක්සත් ජනපදය නියෝජ්‍ය රාජ්‍ය ලේකම් වෙන්ඩි ෂර්මන් ප්‍රකාශ කර තිබුණේ සිය මිත්‍ර රටවල් වන ජපානය සහ දකුණු කොරියාව ආරක්ෂා කිරීම සඳහා තමන් විසින් සියලූම මිලීටරි ශක්තීන් යොදවන බවයි.


අද දින(26) තෝකියෝහි කලාපීය සහයෝගීතාව පිළිබඳ පැවැති සාකච්ඡාවක දී කොරියානු පළමු උප විදේශ ඇමති චෝ හ්යුන්-ඩොං, ජපානයේ උප විදේශ අමාත්‍ය ටකේයෝ මෝරි සහ එක්සත් ජනපද නියෝජ්‍ය රාජ්‍ය ලේකම් වෙන්ඩි ෂර්මන් පවසා තිබුණේ, නුදුරු අනාගතයේ දී උතුරු කොරියාව විසින් න්‍යෂ්ටික අත්හදා බැලීමක් සිදු කරන්නේ නමි තම මිත්‍ර රටවල් වන දකුණු කොරියාව සහ ජපානය ආරක්ෂා කිරීම සඳහා න්‍යෂ්ටික බලය ඇතුළු පූර්ණ යුධ හැකියාවන් ඇමරිකාව විසින් භාවිතා කරනු ඇති බවයි.


උතුරු කොරියාව මේ වන විට පෙර නොවූ විරූ වේගයකින් ආයුධ අත්හදා බැලීම් සිදු කරමින් සිටින අතර, පසුගියදා ජපානයට ඉහළින් පියාසර කළ මිසයිලයක් ඇතුළුව, දිගු දුර බැලස්ටික් මිසයිල රැසක් අත්හදා බලා තිබේ.


මෙහිදී අදහස් දක්වන ලද එක්සත් ජනපදය නියෝජ්‍ය රාජ්‍ය ලේකම් වෙන්ඩි ෂර්මන් ප්‍රකාශ කර තිබුණේ සිය මිත්‍ර රටවල් වන ජපානය සහ දකුණු කොරියාව ආරක්ෂා කිරීම සඳහා තමන් විසින් සියලූම මිලීටරි ශක්තීන් යොදවන බවයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි