×

කොවිඩ් අතරතුර දරුවන්ගේ ආහාර වෙනුවෙන් වෙන්කළ ඩොලර් මිලියන 250ක් සොරා කෑ මිනිසෝටාහි 47 දෙනෙකුට නඩු

නඩු පවරන්නන් පවසන්නේ ඇත්ත වශයෙන්ම ආහාර වේල් කිහිපයක් පමණක් ලබා දී ඉතිරිය විත්තිකරුවන් එම මුදල් සුඛෝපභෝගී මෝටර් රථ, දේපළ ආදී සිය පෞද්ගලික අභිමතය වෙනුවෙන් භාවිතා කළ බවයි.


COVID-19 වසංගතය අතරතුර අඩුආදායමිලාභී පවුල්වල දරුවන්ගේ ආහාර වෙනුවෙන් ෆෙඩරල් වැඩසටහනක් වෙන් කළ ඩොලර් මිලියන 250ක මුදලක් සොරාකෑම සම්බන්ධයෙන් එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව මිනසෝටා ප්‍රාන්තයේ පුද්ගලයින් 47 දෙනෙකුට චෝදනා කර තිබේ.

මෙම පිරිස මුදල් සිය පෞද්ගලික අභිමතය වෙනුවෙන් වෙන් කිරීමට දරුවන් වෙනුවෙන් ආහාර සැපයීමට Feeding Our Future ලෙසින් නව සමාගමක් නිර්මාණය කර පසුව එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආහාර පෝෂණ වැඩසටහන් හරහා එම ආහාර සඳහා ප්‍රතිපූරණය ඉල්ලා ඇත. මෙම ආයතනයේ නිර්මාතෘ සහ විධායක අධ්‍යක්ෂ, Aimee Bockහට අධිචෝදනා එල්ලව ඇත.

නඩු පවරන්නන් පවසන්නේ ඇත්ත වශයෙන්ම ආහාර වේල් කිහිපයක් පමණක් ලබා දී ඉතිරිය විත්තිකරුවන් එම මුදල් සුඛෝපභෝගී මෝටර් රථ, දේපළ ආදී සිය පෞද්ගලික අභිමතය වෙනුවෙන් භාවිතා කළ බවයි. අධිකරණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් පවසා තිබුණේ දරුවන් පෝෂණය කරනවා වෙනුවට තමන් පෝෂණය වූ බවයි. මිනසෝටා හි එක්සත් ජනපද නීතීඥ ඇන්ඩි ලූගර් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියා සිටියේ රජයට මිලියන 125 කට වැඩි ව්‍යාජ ආහාර සඳහා බිල්පත් කර ඇති බවත් දරුවන්ගේ තොරතුරු ව්‍යාජ ලෙස සකසා ඇති බවත්ය.


මේ සම්බන්ධයෙන් FBI අධ්‍යක්ෂ ක්‍රිස්ටෝපර් වේ පැවසා තිබු‌ණේ දරුවන් වෙනුවෙන් වෙන් කරන ලද මහජන මුදල් වංචා කිරීම අතිශයින්ම නින්දිත බවයි. රජය මේ වන විට චෝදනා ලැබූවන්ගෙන් ඩොලර් මිලියන 50 ක අරමුදල් සහ දේපළ අය කර ගෙන ඇති අතර තවත් අයකර ගැනීමට අපේක්ෂා කරන බව ඔහු පැවසීය.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි