×

ට්‍රම්ප් ගේ දේශ සීමා බැම්මට පෙන්ටගනයෙන් ඩොලර් බිලියනයක්

මෙම ආරක්ෂිත බැම්ම ඉදිකිරීම සම්බන්ධව ඇමරිකාවේ මෙන් ජාත්‍යන්තරය තුළද විවේචන රැසක් එල්ල විය.



ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යෝජනා කරන ලද මෙක්සිකොව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර දේශ සීමාව හරහා බදින බැම්ම සදහා පෙන්ටගනය විසින් ඇමරිකානු ඩොලර බිලියනයක් නිකුත් කර ඇත.

පෙන්ටගනය විසින් මෙම මුදල් ලබා දී ඇත්තේ එරට යුධ හමුදා ඉංජිනේරුව්න වෙතය.

මෙම ආරක්ෂිත බැම්ම ඉදිකිරීම සම්බන්ධව ඇමරිකාවේ මෙන් ජාත්‍යන්තරය තුළද විවේචන රැසක් එල්ල විය.

ඇමරිකානු පාර්ලිමේන්තුව විසින් මේ සම්බන්ධව ප්‍රතික්ෂේප කිරීම් සිදු කළ නමුදු මේ වන විට පෙන්ටගනය විසින් මුදල් නිකුත් කිරීම සම්බන්ධව ඩොනල්ඩ් ට්‍රම්ප් ජනපතිවරයා පවසන්නේ හදිසි නීතිය යටතේ මෙම මුදල් නිකුත් කර ඇති බවයි.

ඇමරිකානු ආරක්ෂක අමාත්‍යාංශ මූලස්ථානය වන පෙන්ටගනය විසින් මෙසේ එම දේශ සීමාව හරහා ගොඩ නගන බැම්ම සදහා මුදල් නිකුත් කිරීම පිළබදව ප්‍රකාශයක් නිකුත් කළ වැඩ බලන ආරක්ෂක ලේකම් පැන්ට්‍රික් ඇමරිකාවේ ආරක්ෂව තහවුරු කිරීම සහ දේශ සීමා ආරක්ෂාව වෙනුවෙන් සිය මූලස්ථානය විසින් මුදල් නිකුත් කරන ලද බවයි.

පසුගිය පෙබරවාරි 15 වන දින ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එරට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරන ලද්දේ ඇමරිකානු කොංග්‍රස්මණ්ඩලය විසින් ඔහු විසින් යෝජනා කරන ලද ඇමරිකානු ඩොලර් බිලියන 5.7 ක මුදලක් බැම්ම සදහා වෙන් කිරීමේ යෝජනාව ප්‍රතික්ෂේප කිරීමෙන් පසුවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි