×

කිම් ජොන් අන් ගේ සෞඛ්‍ය තත්ත්වය බරපතලයි – ඇමරිකානු බුද්ධි අංශ

අධික ලෙස දුම් පානය, අධික තරබාරුකම, සහ අධිකව වෙහෙසවීම හේතුවෙන් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහී ඇතැයි අනුමාන කෙරේ


උතුරු කොරියානු නායක කිම් ජොන් අන් ගේ සෞඛ්‍ය තත්වය ඉතා බරපතල බවට සාක්ෂි ලැබෙමින් පවතින බව ඇමරිකානු බුද්ධි අංශ අනාවරණය කරයි. ඔහුට මින් පෙර මුහුණ දෙන්නට සිදු වූ හදිසි ශල්‍ය කර්මයක් හේතුවෙන් මෙම තත්ත්වය උදාවී ඇති බවට අනාවරණය වේ. මේ සම්බන්ධව CNN විසින් සිදු කළ හෙළිදරව්වකින් අනාවරණය වන්නේ මේ අවස්ථාව වන විට කිම් ජොන් උන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබදව ඇමරිකානු බුද්ධි අංශ ඉතා සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවයි.

උතුරු කොරියානු නායකයා පසුගිය අප්‍රේල් මාසයේ 15 දා පැවති සිය සීයාගේ උපන්දින සැමරුමට සහභාගී වී නොතිබුණ අතර ඔහු එවැනි සුවිශේෂී අවස්ථාවන් කිහිපයක්ම මග හැර තිබුණි. එක්සත් ජනපද ආරක්ෂක තොරතුරු වලට අනුව කිම් ජොන්ගේ සෞඛ්‍ය තත්ත්වය මේ වන විට අයහපත් නමුත් එහි බරපතළභාවය කෙතරම්දැයි තව දුරටත් නිරීක්ෂණය කිරීමේන පමණක් නිශ්චිත අනුමානයකට පැමිණිය හැකිව ඇත.

උතුරු කොරියාව පදනම් කර ගත් අන්තර්ජාල පුවත් පතක් වන DailyNK වාර්තා කරන්නේ පසු ගිය අප්‍රේල් 12 වන දින කිම් ජොන් අන් වෙත හදවත් සැත්කමකට භාජනය වී ඇති බවයි. පුවත් වෙබ් අඩවියට අනුව ඔහුට මෙම සැත්කම සිදු කිරීමට සිදුව ඇත්තේ අධික ලෙස දුම් පානය කිරීමේ ඔහුට ඇති පුරුද්ද, අධික තරබාරුකම, සහ අධිකව වෙහෙසවීම ආදී ක්‍රියාවන් හේතුවේන් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහී තිබූ බැවිනි.

කිම්ගේ තත්වය යහපත් අතට හැරී ඇති බව තක්සේරු කිරීමෙන් පසුව, ඔහුට ප්‍රතිකාර කළ වෛද්‍ය කණ්ඩායමේ බොහෝ දෙනෙක් අප්‍රේල් 19 වන දින නැවත ප්යොංයැං වෙත පැමිණ ඇත.

කෙසේ වෙතත් දකුණු කොරියානු ආරංචි මාර්ග පසුගිය සඳුදා CNN වෙත පවසා තිබුනේ කිම්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වාර්තා රටේ ඉහළ පෙළේ නායකයින් හොඳින් දන්නා නමුත් DailyNK විසින් ප්‍රකාශයට පත් කරන ලද තොරතුරු ස්වාධීනව සත්‍යාපනය කළ නොහැකි බවයි.

උතුරු කොරියානු නායකයා පිළිබදව සත්‍ය අනාවරණය කර ගැනීමට එක්සත් ජනපද බුද්ධි අංශ විසින් වෙහෙස ගනු ලැබුවද විශේෂයෙන්ම සිය නායකයා පිළිබදව කිසිදු ලෙසකින් සත්‍ය තත්ත්වය අනාවරණය කිරීමට ජනතාව මෙන්ම නිළධාරීන්ද සූදානම් නැති තත්ත්වයක ඇමරිකාවට මෙය ඉතා අභියෝගාත්මක කාර්යක් වී ඇති බව CNN පුවත් සේවය සදහන් කරයි. “කිම්ගේ සෞඛ්‍යය (දුම්පානය, හෘදය සහ මොළය) පිළිබඳව මෑතදී කටකතා ගණනාවක් පැවතුණි.‘‘

උතුරු කොරියාවේ හිටපු සීඅයිඒ නියෝජ්‍ය අංශ ප්‍රධානී බෘස් ක්ලින්ගර්ට ප්‍රකාශය සදහන් වන්නේ . “නමුත්, වසර ගණනාවක් තිස්සේ, කිම් ජොන් අන් හෝ ඔහුගේ පියා ගැන බොරු සෞඛ්‍ය කටකතා ගණනාවක්ම පැවතිණි. අපට බලා සිටීමට සිදුවනු ඇත” යනුවෙනි.

2008 දී උතුරු කොරියාවේ 60 වන සංවත්සරය සමරන පෙළපාළියකට කිම් ජොන් ඉල් හිටපු නායකයාගේ නොපැමිණීමත් සමඟ ඔහු රෝගී බවට කටකතා පැතිර ගියේය. ඔහුට ආඝාත තත්වයක් ඇති බව පසුව අනාවරණය වූ අතර පසුව 2011 දී ඔහු මිය යන තෙක් ඔහුගේ සෞඛ්‍ය තත්වය පිරිහී ගියේය.

කිම් ජොන් අන්ද මින් පෙරද 2014 දී මාසයකට වැඩි කාලයක් මහජන අවධානයෙන් අතුරුදහන් වූ අතරදින කිහිපයකට පසු දකුණු කොරියානු බුද්ධි අංශ පැවසුවේ ඔහුගේ වළලුකරේ සැත්කමක් සිදු කර ඇති බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි