×

එක්සත් ජනපදයේ “Monkeypox” ආසාදිතයන් 20,000 ඉක්මවයි!

එක්සත් ජනපදයෙහි වර්තමානයේ සුලභව මෙම ආසාදිතයන් දක්නට ලැබේ


Monkeypox එහෙමත් නැතිනම් වඳුරු පැපොල නම් මෙම වෛරසය අපට අසා නුපුරුදු රෝගයක් නොවේ. වර්තමානයේ රටවල් ගණනාවක ව්‍යාප්තව පවතින මෙම වෛරසය අපට මෑතක දී අසන්න ලැබුණු වෛරසයක් වුවත් එය අප්‍රිකානු රටවල්වල සුලභ ලෙස දක්නට ලැබුණු වෛරසයක් බව සඳහන් වේ.

මේ වන විට ඔස්ට්‍රේලියාව, බෙල්ජියම, කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය, පෘතුගාලය, ස්වීඩනය, ඇමරිකාව හා එක්සත් රාජධානිය ආදී රටවල් කීපයකින්ම Monkeypox වෛරසය ශරීර ගත වූ පුද්ගලයන් වාර්තා වී ඇත.

“Monkeypox යනු?”

උණ, හිසරදය, මාංශ පේශි වේදනාව, වසා ගැටිති ඉදිමීම හා අධික වෙහෙසක් දැනීම ආදී මේ රෝග ලක්ෂණ ඇති වීමෙන් පසුව කුඩා බිබිලි තත්ත්වයන් හට ගනිමින් පළමුව මුහුණෙහි හටගෙන කෙමෙන් කෙමෙන් ශරීරය පුරා උඩුදුවන වෛරසයකි.
මෙය පළමු වරට වඳුරන් තුළින් හඳුනා ගත් නිසා මෙයට “Monkeypox ” යන නාමය ලැබී ඇත.

එක්සත් ජනපදයෙහි වර්තමානයේ සුලභව මෙම ආසාදිතයන් දක්නට ලැබේ. වෛරස ආසාදිතයින් 20,700ක් පමණ එහි දී හඳුනා ගෙන ඇත.

පවතින දත්ත වලට අනුව කැලිෆෝනියා, ටෙක්සාස්, ෆ්ලොරිඩා, ජෝර්ජියා, ඉලිනොයිස් සහ නිව් යෝර්ක් යන ප්‍රාන්තවලට වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.

එමෙන්ම මීට සුළු මොහොතකට පෙර ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් Monkeypox. පිළිබඳව දැනගත යුතු කරුණු කිහිපයක් ද ඉදිරිපත් කර තිබුණි.


නිපුනි ලියනගේ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි