×

මිචිගනයේ ජාතික ළමා අපයෝජන වැළැක්වීමේ වැඩසටහනෙන් අපට ගත හැකි ආදර්ශ මොනවාද?

ළමා හිංසනය, ළමා අපයෝජනය ඇතුළු දරුවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වීම වෙනත් රටවල මෙන්ම ශ්‍රී ලංකාවේ ද අතිශය බරපතල අර්බුදයක් බවට පත්ව තිබෙන කරුණකි.


අප්‍රේල් යනු එක්සත් ජනපදයේ ජාතික ළමා අපයෝජන වැළැක්වීමේ මාසයයි. ඉකුත් වසර වල මෙන්ම මෙම වර්ෂයේ ද රටවල් 83 ක දායකත්වයෙන් යුතුව වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බව වාර්තා වේ.

මිචිගන් ප්‍රාන්තයේ ද චිල්රන්ස් ට්‍රස්ට් ෆන්ඩ් අරමුදල විමින් මේ වන ළමා අපයෝජනයට එරෙහි වැඩසටහන් 101 දියත් කරමින් තිබේ.

මොන්ට්කාල්ම් ප්‍රාන්තයේ වී කෙයා ෆෝ කිඩ්ස් කවුන්සිලය මෙම අරමුදලේ ශාඛාවක් වන අතර, ළමා අපයෝජන පිළිබඳව දැනුවත් කිරීම සහ ළමා අපයෝජන වැළැක්වීම සඳහා දෙමාපියන් දිරිගැන්වීමට අදාළ වැඩමුළු පැවැත්වීම එය විසින් සිදුකරනු ලබයි. මේ සඳහා එක්සත් ජනපදය ද ඇතුළු ලොව රටවල් ගණනාවක් සම්බන්ධ වන බවයි වාර්තා වන්නේ.

ඇමරිකාවේ සිදුවන ළමා අපයෝජන වැළැක්වීම සම්බන්ධයෙන් ඔවුන් අවධානය යොමුකරන කරුණු රාශියක් පවතී. ඒවා පහත පරිදි ය;

  • ළමා අපයෝජන සහ දරුවන් නොසලකා හැරීමේ බලපෑම් ඔවුන්ගේ ජීවිත කාලය පුරාම පැවතීම
  • එරට සෑම ළමුන් සත් දෙනෙකුගෙන්ම එක් අයකු අපයෝජනයට හෝ නොසලකා හැරීමකට ලක්ව තිබීම
  • සෑම මිනිත්තු 16 කට වරක් දරුවකු අපයෝජනයට හෝ නොසලකා හැරීමකට ලක්වීම
  • උග්‍රවන මූල්‍ය පීඩනය විඳදරාගත් පවුල්වල දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය විනාශකාරී මට්ටමට පිරිහෙමින් පැවතීම. පවතින වසංගත තත්ත්වය මධ්‍යයේ එය තවත් උත්සන්න වී තිබීම. මෙම දරුවන් මුහුණ දෙන අභියෝගයන් පිළිබඳ නිසි මාධ්‍ය ආවරණයක් වත් නොලැබීම
  • ළමා අපයෝජන වැළැක්වීම සඳහා වැය කරන සෑම ඩොලරයක් සඳහාම අනාගත වියදම් වලින් ඩොලර් 09ක් ඉතිරි කළ හැකි වීම
  • ඇමරිකානු රෝග පාලන මධ්‍යස්ථානය (Centre for Disease Control – CDC) ඇස්තමේන්තු කර ඇති පරිදි ළමා අපයෝජන හා නොසලකා හැරීම් තහවුරු වන සෑම වසරක් පාසාම ජීවිත කාලයටම වැයවන මුදල ඩොලර් බිලියන 124 ක් වීම
  • ජාතික ළමා අපයෝජන සහ වැළැක්වීමේ මාසයට සීමා නොවී වසර පුරා සෑම දරුවකුටම වර්ධනය වීමට හා ඔවුන්ගේ සම්පූර්ණ හැකියාවන් කරා ළඟා වීමට සමාන අවස්ථාවක් ඇතිකරලීමට සියලු වැඩිහිටියන් කැපවී කටයුතු කළ යුතු බව
  • අපයෝජනයේ හෝ නොසලකා හැරීමේ වින්දිත එක් දරුවකුට එක් වැඩිහිටියකු වත් උපකාර කරන්නේ නම් එමඟින් ධනාත්මක වෙනසක් ඇති කළ හැකි වීම
  • දරුවකු අපයෝජනය, නොසලකා හැරීම හා අන්තර්ජාලය ඇතුළු ඕනෑම ක්‍රමයක් ඔස්සේ සූරාකෑමට ලක්වන සිදුවීමක් පිළිබඳව වාර්තා වන විට සියලු වැඩිහිටියන් විවෘත මනසකින් සහ විනිශ්චයකින් තොරව සහයෝගය දැක්විය යුතු වීම
  • ළමා අපයෝජන හෝ නොසලකා හැරීම් පිළිබඳ සැකකළ හැකි සිදුවීම් පිළිබඳ වාර්තා වන්නේ නම්, වහා බලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කිරීම. ඒ සඳහා දුරකතන අංක හඳුන්වා දී තිබේ
  • අපයෝජන හෝ යම් වැඩිහිටියකුගේ නුසුදුසු හැසිරීමක් පිළිබඳව දරුවකු ඔබට හෙළිකරන්නේ නම් ඊට සවන් දිය යුතුවීම හා විශ්වාස කිරීම

ළමා හිංසනය, ළමා අපයෝජනය ඇතුළු දරුවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වීම වෙනත් රටවල මෙන්ම ශ්‍රී ලංකාවේ ද අතිශය බරපතල අර්බුදයක් බවට පත්ව තිබෙන කරුණකි. මීට අදාළව සිවිල් ක්‍රියාකාරීන්, කලාකරුවන් ඇතුළු විවිධ පාර්ශවයන් විසින් විවිධ ක්‍රියාකාරකම් රටතුළ දියත් කළ ද ඊට නිසි ආවරණයක් හා පිළිගැනීමක් ලැබෙනවා ද යන්න ප්‍රශ්න සහගතය. විශේෂයෙන්ම දරුවන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරියේ භූමිකාව කුමක් ද යන්න ප්‍රශ්න කෙරෙන තරමට ම මෙම ගැටළුව නිහඬ අර්බුදයක් බවට පත්ව තිබේ. ළමා අපයෝජනය ඉහළම සමාජ තලයේ සිට පහළම සමාජ තලය දක්වා දුවගොස් තිබෙන අර්බුදයක් වන අතර, ළමා අපයෝජන ආශ්‍රිත පැමිණිලි අතිවිශාල සංඛ්‍යාවක් වසරකට වාර්තා වීම සහ ඉන් නඩු පවරා වරදකරුවන් ට දඬුවම් ලබා දීම සිදුවන්නේ ඉතා සුළු පැමිණිලි සංඛ්‍යාවකට අදාළව වීම ද ඛේදනීය සත්‍යයකි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි