×

ඔසාමා බින් ලාඩන් ගේ පුතු සොයා දෙන්නෙකුට ඇ.ඩො මිලියනයක්!

ඇමරිකානු ආරක්ෂක අංශ පවසන්නේ මේ වන විට හම්සා බින් ලාඩන් ඇෆ්ගනිස්ථානය සහ පාකිස්ථානය අතර දේශ සීමාවේ සැගව ඇති බවයි.


හිටපු අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන්ගේ පුත් හම්සා බින් ලාඩන් සොයා ගැනීමට අවශ්‍ය තොරතුරු සපයන්නෙක් සදහා අමරිකානු ඩොලර් මිලියනයක තෑග්ගක් දෙන බව ඇමරිකාව පවසයි.

ඉස්ලාමීය කැරළි කණ්ඩායම් නායකයා ලෙස මේ වන ඔසාමා බින් ලාඩන්ගේ පුත් හම්සා බින් ලාඩන් විසින් ඉදිරියට පැමණෙමින් සිටී.

පසුගිය දිනවල ඔහු විසින් නිකුත්කරන ලද වීඩියෝවක් සහ හඩපටයක් මගින් ඔහු ප්‍රකාශ කරන ලද්දේ ඇමරිකාවට එරෙහිව සිය පියා මරා දැමීමේ වාඩුව ගැනීමට සිය සාමාජිකයන්ට එක්වන ලෙසයි.

2011 වසරේ ඇමරිකානු විශේෂ ආරක්ෂක අංශ වෙතින් පාකිස්ථානයේ සැගව සිටියදී ඔසාමා බින් ලාඩන්ව ඝාතනය කරන ලද අතර ඔහු විසින් ඒ වන විට 2001 වසරේ සැප්තැම්බර් 11 වන දින ප්‍රහාරයේදී 3000කට ආසන්න පිරිසක් ඝාතනය කරන ලදී.

ඇමරිකානු ආරක්ෂක අංශ පවසන්නේ මේ වන විට හම්සා බින් ලාඩන් ඇෆ්ගනිස්ථානය සහ පාකිස්ථානය අතර දේශ සීමාවේ සැගව ඇති බවයි.

මේ වන විට 30 හැවැරිදි වයසේ සිටින හම්සා බින් ලාඩන මීට වසරකට පෙර ඇමරිකා එක්සත් ජනපදය විසින් ගෝලීය වශයෙන් ත්‍රස්තවාසී සාාමාජිකයෙකු ලෙස නම් කරන ලදී,
2001 වසරේ ප්‍රහාරයට භාවිත කළ ගුවන් යානා කොල්ල කෑ මොහොමඩ් අටා නැමති ත්‍රස්තවාදී සාමාජිකයාගේ දියණිය සමග විවහා වූ හම්සා බින් ලාඩන් ඔසාමා බින් ලාඩන්ගේ කීකරුම පුත්‍රයා ලෙස සිය ත්‍රස්තවාදී කණ්ඩායමේ නායකත්වය ලබා දෙන්නට ඔහු විසින් තීරණය කර සිටින ලදී.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි