×

මැදපෙරදිග මුහුදේ හොරවැඩ අල්ලා දුන්නොත් ඇතෙක් බරට වස්තුව: ඇමරිකාව

මැදපෙරදිග මුහුදේ හොරවැඩ අල්ලා දුන්නොත් ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් තෑගි..


මැදපෙරදිග මුහුදු කලාපයේ සිදුවන නීතිවිරෝධී අවි ජාවාරම්, මත්ද්‍රව්‍ය ජාවාරම් වැනි ක්‍රියාකලාපයන් වැටලීමට හැකිවන තොරතුරු ලබාදීමට සමත් වන පුද්ගලයන්ට ත්‍යාග ලබා දීමට කටයුතු කරන බව එක්සත් ජනපදයේ නාවික හමුදා මධ්‍යම විධානය (US Naval Forces Central Command: NAVCENT) නිවේදනය කර තිබේ.

අද (05) දින නිකුත් කළ එම නිවේදනය හරහා එක්සත් ජනපදයේ නාවික හමුදා මධ්‍යම විධානය අවධාරණය කරන්නේ, මැදපෙරදිග මුහුදු කලාපයේ සිදුවන මෙම නීති විරෝධී ක්‍රියා වැටලීම සඳහා පහසුකරවන තොරතුරු ලබා දෙන පුද්ගලයන්ට ත්‍යාග ලබා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන්නේ පළමු වරට බවයි.

මෙම තොරතුරු ලබා දීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන පුද්ගලයන්ට එම ත්‍යාග ලබා දීමේදී අදාළ තොරතුරු එක්සත් ජනපදයේ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ත්‍යාග වැඩසටහනේ (Department of Defense Rewards Program) නිර්ණායක හා ගැළපිය යුතු බව ද එම නිවේදනයේ දැක්වේ.

මෙම ත්‍යාග ඇමරිකානු ඩොලර් ලක්ෂයක් ($100,000) දක්වා විය හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි