×

චීනය පසුකර ආසාදිතයන් වැඩිම රට ලෙස ඇමරිකාව ඉදිරියෙන්

චීනය සහ ඇමරිකාවේ ආසාදිතයින් සංඛ්‍යාව සංසංදනය කරමින් ඇමරිකානු ජනපතිවරයා පවසන්නේ '' චීනයේ සැබෑ සංඛ්‍යා සහ දත්ත ගැන සත්‍ය ඔබ කිසිදින නොදනිනු ඇති බවයි.''


කොරෝනා ආසාදිතයින් වැඩිම සංඛ්‍යාවක් වාර්ථාවන රට බවට අද ඇමරිකාව ඉදිරියට පැමිණ ඇත. ඒ චීනය, ඉතාලිය, ස්පාඤ්ඤය යන රටවල් පසුකරමිනි.

ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ නවතම වාරථා අනුව චීනයේ ආසාදිත සංඛ්‍යාව වන 81782 ද ඉතාලියේ වාර්ථා වන ආසාදිතයන් 80589 පරදවා මේ වන වෙට ඇමරිකාවෙන් වාර්ථාවන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 85500කි.

නමුත් වෛරසය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව පිළිබද අවධානය යොමු කිරීමේදී චීනයේ ගිය සංඛ්‍යාව 3291 ඉතාලිය තුළ 8215ක් සහ ඇමරිකාවේ මය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 1300ක් බව සටහන් වේ.

ඇමරිකානු උප ජනපති මයික් පෙන්ස් පවසන පරිදි මේ වන විට ඇමරිකාවේ ප්‍රාන්ත 50කදී වෛරසය වැළදී ඇතැයිද පරීක්ෂා කිරීමට පහසුකම් සපයා ඇති අතර මේ වන විට පරීක්ෂණයට ලක් කර ඇති පුද්ගලයින් සංඛ්‍යාව 552000 ට අධිකය.

මේ පිළිබද ඇමරිකානු ජනපතිවරයා ප්‍රකාශයක් නිකුත් කරමින් පවසන්නේ රට ඉතා ඉක්මණින් නැවතත් සිය වැඩ කටයුතු ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවත්

” චීනයේ සැබෑ සංඛ්‍යා සහ දත්ත ගැන සත්‍ය ඔබ කිසිදින නොදනිනු ඇති බවත්.”  ය

 

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි