×

ගෙල සිර කර මරා දමන පොලිස් සංස්කෘතිය අතරින් මතුවූ දෝරෙ ගැලූ මනුස්සකම

"ඔවුන් බොහෝ ස්තූතිවන්ත වූවා. ඇත්තෙන්මට ඔවුනට මෙය පුදුමයක්. මම හිතන්නේ මේ තත්වයට මුහුණ දීමට සිදුවන බොහෝ දෙනෙකුට සිතෙන්නේ මීට වඩා වෙනස් ප්‍රතිඵලයක් ඇති වනු ය කියා."


ඇමරිකාවේ මැසව්චෙට්ස් හි සමර්සෙට් නගරයේ වෙළඳසැලකින් භාණ්ඩ සොරකම් කිරීමේ චෝදනාවට හසුවූ පවුලක් අත්අඩංගුවට ගනු වෙනුවට ඔවුනට ආහාර මිලදී ගෙන කරුණාව දැක්වූ පොලිස් නිලධාරියකු පිළිබඳ පුවතක් වාර්තා වේ.

අදාළ වෙළඳසැලට පැමිණි කාන්තාවන් දෙදෙනා එම වෙළඳසැලෙහි රාක්ක වල අසුරා තිබූ භාණ්ඩ දෙස විපරම් කරමින් සැරිසැර ඇති අතර, ඔවුන් පිළිබඳ සැක පහළ වූ වෙළඳ හිමියන් පොලිසියට මේ පිළිබඳව දන්වා ඇත.

ප්‍රශ්ණ කිරීම් වලදී අදාළ කාන්තාවන් පවසා තිබෙන්නේ තමන්ට නත්තල් සමයේ දරුවන් ද සමඟ රාත්‍රී ආහාරය රස විඳීමේ අවශ්‍යතාවය පැවති බවයි.

එහෙත් එම ආහාර මිලදී ගැනීමට ඔවුනට වත්කමක් නොමැති බවද එම කාන්තාවන් පොලිසියට පවසා ඇත.

මැට් ලිමා නම් පොලිස් නිලධාරියා ඔවුන් දෙපළ අනවසරයෙන් ඇතුළු වීම යන චෝදනාව ගොනුකළ මුත්, භාණ්ඩ සොරා ගැනීම නැමති චෝදනාව ගොනු නොකිරීමට කටයුතු කර තිබේ.

ඊට හේතුව එම කාන්තාවන් දෙදෙනා ගේ රිසිට්පතේ සඳහන් සියළු ද්‍රව්‍ය ආහාර වීමයි.

ඒ අනුව ලිමා නැමති පොලිස් නිලධාරියා ඔවුනට ඩොලර් 250 ක ගිෆ්ට්කාර්ඩ් පතක් මිළදී ගෙන ලබා දී ඇති අතර, අතට මුදලක් දීමට ද කටයුතු කර ඇත.

එම කාන්තාවන් දෙදෙනාට සිටි දරුවන් දෙදෙනා දුටු විට මට මගේ දරුවන් මතක් වූවා. ඔවුනට උදව් කළ යුතු බව මට හැඟී ගියා, මැට් මාධ්‍ය වෙත පැවසීය.

Officer Lima | SOMERSET POLICE DEPARTMENT

ඒ අනුව එම කාන්තාවන්ට සිය දරුවන් ද සමඟ නත්තලේ අසිරිය විඳීමට හැකිවනු ඇති.

ඔවුන් බොහෝ ස්තූතිවන්ත වූවා. ඇත්තෙන්ම ඔවුනට මෙය පුදුමයක්. මම හිතන්නේ මේ තත්වයට මුහුණ දීමට සිදුවන බොහෝ දෙනෙකුට සිතෙන්නේ මීට වඩා වෙනස් ප්‍රතිඵලයක් ඇති වනු ය කියා. ඇතැම් විට ඔවුන් ව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ඇතිය කියා, මැට් වැඩිදුරටත් පැවසීය.

එක්සත් ජනපදයේ පොලිසිය පිළිබඳ මෑත කාලයේ එරට ජනතාව අතර පැවතියේ පැහැදීමක් නම් නොවේ. ඊට හේතුව මිනියාපොලිස් හී දී ජෝර්ජ් ෆ්ලොයිඩ් නම් කළු ජාතික තරුණයා ගෙල සිර කර මරා දැමීමේ සිදුවීම යි.

එම සිදුවීමේදී ට්‍රම්ප් ප්‍රමුඛ ඇමරිකානු රජය කටයුතු කළ අන්දම ඉතා අශෝභන විය. අදාළ ඝාතනයට වගකිව යුතු පොලිස් නිලධරයා ගේ ක්‍රියාව සාධාරිණීකරණය කිරීමට ට්‍රම්ප් ප්‍රමුඛ දක්ෂිණාංශික බලවේග කටයුතු කළ අන්දම දක්නට ලැබී තිබිණි.

එවන් නිලධාරීන් අතර සැබෑ මනුෂ්‍යත්වය යළි අපට සිහිකර දෙන මැට් ලිමා වැනි නිලධාරීන් ද සිටී.

Policeman buys family food instead of arresting them for shoplifting නම් බීබීසී වාර්තාව ඇසුරිණි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි