×

COP27 සමුළුවේදී ඊජිප්තුව යුක්රේන යුද්ධය සිහිපත් කිරීම ගැන බයිඩන්ගේ ප්‍රසාදය!

මෙම ගැටළු හමුවේ ඊජිප්තුව දැඩිව වාචික වීම අගය කළ යුතු කරුණක්, බයිඩන් කියයි...


ඉකුත් දින ඊජිප්තුවේ ෂාර්ම් එල්-ෂීඛ් (Sharm el-Sheikh) හි පැවති කොප්27 (COP27) දේශගුණ විපර්යාස සමුළුවේදී යුක්රේනයේ මතුව ඇති යුධ තත්ත්වය පිළිබඳව ඊජිප්තුව දැඩිව වාචික වීම පිළිබඳව එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මහතා සිය ප්‍රසාදය පළකර තිබේ.

ඊජිප්තුවේ කයිරෝ අගනුවර ගාසා අර්බුදයේදී ප්‍රධාන මැදිහත්කරුවකු ලෙස කටයුතු කළ බව සිහිපත් කළ එක්සත් ජනපද ජනාධිපතිවරයා, යුක්රේන යුද්ධය පිළිබඳව එක්සත් ජාතීන් හමුවේ ඊජිප්තුව සිය දැඩි ස්ථාවරය පළකිරීමට කටයුතු කර ඇති බව පෙන්වා දුන්නේය.

බයිඩන් ඇමරිකානු ජනපතිවරයා මෙම අදහස් පළකරේ කොප්27 සමුළුවට සහභාගී වී පසුව ඊජිප්තු ජනපති අබ්දෙල් ෆටාහ් අල්-සිසි හමුවී ඔහු සමඟ පැවැත්වූ සාකච්ඡාවේදී ය.

උක්ත ගැටළු හමුවේ ඊජිප්තුව දැඩිව වාචික වීම පිළිබඳව ඇමරිකානු ජනපතිවරයා ඊජිප්තු ජනපතිවරයාට සිය කෘතඥතාවය පළ කළේය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි