×

ට්‍රම්ප්ගේ පළමු ඉන්දීය නිළ සංචාරය අද

සංචාරයේදී ඉන්දියාව සහ ඇමරිකාව අතර ආර්ථික සහ ආරක්ෂක සම්බන්ධතා තර කර ගැනීම පිළිබදවද විශේෂ අවධානය යොමු වනු ඇති බව විචාරක මතයයි.


ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලොව අධිකතම ජනගහනයක් සිටින ප්‍රජාතාන්ත්‍රික රට වන ඉන්දියාවත් ඇමරිකාවත් අතර සම්බන්ධතා පුළුල් කර ගැනීමේ අරමුණින් අද ඉන්දියාව වෙත සංචාරය කිරීමට නියමිතය. මෙය ට්‍රම්ප්ගේ ප්‍රථම ඉන්දීය නිළ සංචාරයයි.  සංචාරය සදහා ට්‍රම්ප් ජනපතිවරයාගේ බිරිඳ මෙලානියා ට්‍රම්ප් සහ ඔහුගේ දියණිය ඉවන්කා ට්‍රම්ප් ද ඇගේ සැමියාද එක්වීමට නියමිතව ඇත.

දින දෙකක් සඳහා වන මෙම සංචාරයේ පළමු දවස ඉන්දීය ජනපති නරේන්ද්‍ර මෝදි උපන් ප්‍රාන්තය වන ගුජරාටයේ ඉදිකළ ආසන දස දහසකින් යුත් ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය විවෘත කිරීම ඇමරිකානු ජනපතිවරයා විසින් විවෘත කිරීමට නියමිතව ඇත. ඒ අතර තුර ඉන්දියාවේ ටජ් මහල නැරමීමටද නියමිතය.

සංචාරයේදී ඉන්දියාව සහ ඇමරිකාව අතර ආර්ථික සහ ආරක්ෂක සම්බන්ධතා තර කර ගැනීම පිළිබදවද විශේෂ අවධානය යොමු වනු ඇති බව විචාරක මතයයි.

ඇමරිකා එක්සත් ජනපදය ඉන්දියාවේ වැදගත්ම වෙළඳ හවුල් කරුවන්ගෙන් අයෙක් වන අතර 2018 වසරේදී දෙරට අතර ද්වීපාර්ශික වෙළඳ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 142.6කි. ඇමරිකා එක්සත් ජනපදය යනු ඉන්දියාවට සිටින නව වන විශාලතම වෙඏද හවුල් කරුවා වෙයි.

පසුගිය සමය තුළ දෙරට අතර සිදුව දේශපාලන සහ උපායමාර්ගික සම්බන්ධතා නොතකා දෙරට අතර වෙළද සම්බන්ධතා වල අර්බුද මතුවෙමින් පවතින අවස්ථාවක ඇමරිකානු ජනපතිවරයා පසුගියදා පවසා සිටින්නේ ඉන්දියාවෙන් අපනයනය කරනු ලබන භාණ්ඩ මත වන බදු පිළිගත නොහැකි තරම් ඉහළ මට්ටමක පවතින බවයි. එතෙකින් නොනැවතුන ට්‍රම්ප් ඉන්දියාව බදු රජු ලෙස චෝදනා කර සිටියේය.

සංචාරය පිළීබද මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇමරිකානු ජනපතිවරයා පවසන්නේ මෙම වෙළද සහ තීරු බදු ගැටළු පිළීබද සංකච්ඡා කෙරෙනු ඇති බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි