×

ඇෆ්ගනිස්ථාන ගැටළුව නිසා බයිඩන්ගේ ජනප්‍රියත්වය 2/3 කින් අඩු වෙලා : ජාතිය ඇමතීමට සූදානම්

මේ වන විට සෑම ඇමරිකානුවන් 3 දෙනෙකුගෙන් දෙදෙනෙකුම, ඇෆ්ගනිස්ථානයෙන් ඇමරිකානු හා නේටෝ හමුදා ඉවත් කර ගැනීම සිදුකළ ආකාරය ගැන බයිඩන් හට දෝෂාරෝපණය කරමින් සිටිති.


NBC News විසින් සිදුකළ සමීක්ෂණයකදී අනාවරණය වී තිබෙන්නේ උද්ගත ව ඇති තත්වය බයිඩන් විසින් මෙහෙයවන ආකාරය පිළිබඳ සතුට පළ කර තිබෙන්නේ 25%ක් පමණක් බවයි. 60%ක් දෙනා ඒ පිළිබඳ සිය අප්‍රසාදය පළ කර තිබේ.

මේ අතර CBS පුවත්සේවය මගින් සිදුකළ ජනමත විමසුමකට අනුව 74%ක් දෙනා, ඇමරිකානු හමුදාව ඉවත් කර ගැනීම නරක තත්වයක සිට ‘අතිශයින් නරක‘ තත්වයකට පත් වූ බව විශ්වාස කරති.

මේ සියල්ලේ ප්‍රතිඵලයක් ලෙසට බයිඩන් පරිපාලනය කෙරෙහි දැඩි විවේචනයක් මේ වන විට එල්ල වෙමින් තිබේ. ඒ අනුව වොෂින්ටන් වේලාවෙන් අද පස්වරු 4 ට, එනම් ලංකාවේ වේලාවෙන් හෙට අළුයම පමණ ඔහු හදිසියේ ජාතිය ඇමතීමට සූදානම් වෙයි.

මේ අතර, ඇෆ්ගනිස්ථානය බිඳ වැටීමෙන් පසු මේ දක්වා ඒ පිළිබඳ කිසිදු අදහසක් පළ කර නැති, ආසියාතික (ඉන්දියානු) සම්භවයක් සහිත උප ජනාධිපතිනිය කමලා හැරිස්ගේ ජනප්‍රියත්වය ද ඇමරිකාව තුළ මේ වන විට පහළ ගොස් ඇති බව වාර්තා වේ.

හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ තත්වයෙන් වාසි ලබාගැනීමට උත්සාහ කරමින් සිටින බව රහසක් නොවේ. ඔහු, ‘‘මම හිටිය නම්ම ඔහොම නෙවෙයි කරන්නෙ‘‘ යනාදී අදහස් පළ කරමින් සිටියි. ඇෆ්ගනිස්ථානයෙන් ඇමරිකානු හමුදාව ඉවත් කර ගැනීමේ සාකච්ඡා සිදුකරනු ලැබුවේ ට්‍රම්ප් පරිපාලනය යටතේ ය.

කෙසේ නමුත් මේ සියල්ල අතරේ තවමත් ඇමරිකානුවන්ගෙන් බහුතරයක්, එනම් 60%ක් දෙනා විශ්වාස කරන්නේ, ඇෆ්ගනිස්ථානයෙන් ඇමරිකානු හමුදාව ඉවත් කර ගැනීම කළ යුතුව තිබූ ‘හරි දෙයක්‘ බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි