×

යුක්‍රේනයේ ඇමරිකානු ජනපති නියෝජිත ඉල්ලා අස්වෙයි!

ට්‍රම්ප් තම ප්‍රතිවාදී බිඩන් ගේ දේශපාලන ගමන කඩාකප්පල් කිරීමට යුක්‍රේන ජනපති සමඟ ඇතිවූ දුරකතන සංවාදය නිසා ඇතිවූ "හානිය අවම කිරීමට" වොල්කර් උත්සාහ දරා ඇත.


යුක්‍රේනයේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝජිත කර්ට් වොල්කර් ඉල්ලා අස්වී තිබේ. 

සීඑන්එන් ප්‍රවෘත්ති සේවය වාර්තා කරන අන්දමට, යුක්‍රේන ජනපති හා ඇමරිකානු ජනපති අතර පසුගිය ජූලි 25 වන දින සිදුවූයේ යැයි පැවසෙන ආන්දෝලනාත්මක් දුරකතන සංවාදය පාදක කොටගෙන ජනපති ට්‍රම්ප්ට ඔත්තු සපයන්නෙකු යැයි ගොනුවූ චෝදනා හමුවේ වොල්කර් මෙසේ ඉල්ලා අස්වී තිබේ. 

ඇමරිකාවේ එළඹෙන ජනාධිපතිවරණය හමුවේ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා දෙවන ධූරකාලයක් සඳහා ද තරඟ වැදීමට නියමිත අතර, ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා ලෙස ඩිමොක්‍රටික් පක්ෂයෙන් තරඟ වැදීමට නියමිත ජෝ බිඩන් ගේ යුක්‍රේන සබඳතා ඉලක්ක කරගනිමින් ට්‍රම්ප් යුක්‍රේන ජනපති හා දුරකතනයෙන් සම්බන්ධ වූ බවට පළවූ පුවතත් සමඟ රට තුළ මහත් ආන්දෝලනයක් ඇති විය.

ට්‍රම්ප් ට එල්ල වූ චෝදනාව වූයේ තම දේශපාලන ප්‍රතිවාදියාගේ ව්‍යාපාරය කඩාකප්පල් කිරීමට විදෙස් සහය පතන බවට යි.

ඔත්තු සපයන්නේ යැයි වොල්කර් ට එරෙහි ගොනුවූ චෝදනාවට අනුව, ඔහු ට්‍රම්ප් ගේ නීතීඥ රූඩි ජියුලියානි සමඟ කතාබස් කොට ඇති අතර, එහිදී ට්‍රම්ප් තම ප්‍රතිවාදී බිඩන් ගේ දේශපාලන ගමන කඩාකප්පල් කිරීමට යුක්‍රේන ජනපති සමඟ ඇතිවූ දුරකතන සංවාදය නිසා ඇතිවූ “හානිය අවම කිරීමට” උත්සාහ දරා ඇත.

මේ සම්බන්ධව තොරතුරු හෙලිවීමත් සමඟ ඇමරිකානු ජනපති ට්‍රම්ප් ට එරෙහි දෝෂාභියෝගයක් ගෙන ඒමට ද ඩිමොක්‍රටික් පක්ෂය කටයුතු කර ඇත. 

වොල්කර්ගේ ඉල්ලා අස්වීම මුලින්ම වාර්තා කළේ ඇරිසෝනා ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ රාජ්‍ය මුද්‍රණාලය විසිනි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි