×

ගැහුවොත් ගහන්න ඇමරිකාව සූදානම්!

උතුරු කොරියාවට ප්‍රතිචාර දැක්වීමට ඇමරිකාවේ මෙවලම් කට්ටලයේ මෙවලම් තිබෙන බවට ධවල මන්දිරයෙන් ප්‍රකාශයක්!


උතුරු කොරියාව දිගු දුර න්‍යෂ්ටික මිසයිල අත්හදා බැලීම පිළිබඳව මෑත දින පළවූ පුවත් වලට එක්සත් ජනපදය ප්‍රතිචාර දක්වා තිබේ.

ඒ අනුව, උතුරු කොරියාව දිගු දුර න්‍යෂ්ටික මිසයිල අත්හදා බලන්නේ නම් ඒ පිළිබඳ එක්සත් ජනපදය අතිශයින් කලකිරීමට පත්වන බවට ධවල මන්දිරය ප්‍රකාශ කොට තිබේ.

ධවල මන්දිරයේ ජාතික ආරක්ෂාව පිළිබඳ උපදේශක රොබර්ට් ඕ බ්‍රයන් පවසා සිටියේ උතුරු කොරියාව එවන් ක්‍රියාමාර්ගයක් ගනු ලබන්නේ නම් එක්සත් ජනපදය ඊට ප්‍රතිචාර දැක්වීමට සූදානම් බවය.

ඒ සඳහා සිය මෙවලම් කට්ටලයේ මෙවලම් පවතින බවද හෙතෙම ප්‍රකාශ කළේය.

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් මෙවන් ක්‍රියාමාර්ගයක් ගනු ඇති බවට විවිධ පුවත් පළවී තිබිණි.

ඒ අනුව, එම ප්‍රකාශ වල සත්‍යතාවක් පවතී නම් එක්සත් ජනපදය සිය කලකිරීම ක්‍රියාවෙන් ඔප්පු කොට පෙන්වීමට සූදානම් ය.

න්‍යෂ්ටිකකරණය වැළැක්වීම සඳහා පැවති සාක්ච්ඡා අසාර්ථක වීමත් සමඟ උතුරු කොරියාවේ ආතතිකාරී ස්වභාවයක් පෙනෙන්නට තිබිණි.

මෙකී තත්ත්වය හමුවේ එක්සත් ජනපදය හා උතුරු කොරියාව අතර වාග් ප්‍රහාර හුවමාරු වූ අයුරුද දක්නට ලැබිණි.

පසුගිය දිනක ජපානය හා දකුණු කොරියාව අනතුරු අඟවා තිබුණේ උතුරු කොරියාව න්‍යෂ්ටික මිසයිල දියත් කිරීමේ වැඩි සම්භාවිතාවක් පවතින බවයි.

මීට ඉහත, ඇමරිකාව විසින් උතුරු කොරියාවට අපනයනය කරනු ලබන මුහුදු ආහාර, ප්‍රතිමා වැනි දෑට පනවා තිබූ සම්බාධක ඉවත් කරන මෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට යෝජනා වී තිබිණි.

ඒ, දෙරට අතර ආතතිය යම් තාක් දුරකට හෝ සමනය කිරීම සඳහා ය.

කෙසේවෙතත්, එක්සත් ජනපදය ඊට සිය සෘජු විරෝධය පා තිබිණි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි