×

උතුරු කොරියානු අනුග්‍රහය ලද හැකර් කණ්ඩායම් තුනකට ඇමරිකාවෙන් සම්බාධක

උතුරු කොරියානු අනුග්‍රහය ලද පරිගණක හැකර් කණ්ඩායම් තුනකට සම්බාධක පැණවීමට ඇමරිකාව තීරණය කරයි.


උතුරු කොරියානු අනුග්‍රහය සහිත යැයි පැවසෙන පරිගණක හැකර් කණ්ඩායම් තුනකට පසුගිය සිකුරාදා (13) දින සම්බාධක පැනවූ බවට ඇමරිකානු භාණ්ඩාගාරය ප්‍රකාශයට පත් කළේය.

මෙම හැකර් කණ්ඩායම් ඇමරිකාවේ තීරණාත්මක යටිතල පහසුකම් පිළිබඳ තොරතුරු සොරකම් කොට මුදා හරින්නේ යැයි තර්ජනය කොට කප්පම් ගැනීම සම්බන්ධව චෝදනා ලැබ සිටින බවට එරට භාණ්ඩාගාරය ප්‍රකාශ කරයි. 

වොනක්‍රයි (WannaCry) යන ප්‍රසිද්ධ නාමයෙන් හැඳින්වෙන මෙම සයිබර් ප්‍රහාර පරිගණක පද්ධති වෙත පිවිස තොරතුරු සොරකම් කොට කප්පම් ගැනීම සම්බන්ධව ප්‍රසිද්ධියක් උසුලයි.  

මෙම සයිබර් ප්‍රහාර වලට සෘජුවම සම්බන්ධ යැයි පැවසෙන මෙම හැකර් කණ්ඩායම් ලැසරස් ගෘෘප් (Lazarus Group), බ්ලූනොරොෆ් (Bluenoroff) හා ඇන්ඩරියල් (Andariel) යන නම් වලින් පෙනී සිටින බවට ඇමරිකානු භාණ්ඩාගාරය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියි. 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි