×

දකුණු චීන මුහුදේ පිලිපීන යාත්‍රා බිය වැද්දවීමට එරෙහිව ඇමරිකාව චීනයට අවවාද කරයි

පිලිපීන ආරක්ෂක හමුදාවන්ට හෝ පොදු යාත්‍රාවලට ප්‍රහාරයක් එල්ල කළහොත් ඊට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදය ක්‍රියාත්මක වනු ඇත,


මෑතදී චීන යාත්‍රාවක් සහ පිලිපීන වෙරළාරක්ෂක බෝට්ටුවක් අතර තෝමස් ෂෝල් ආසන්නයේ ඇති වූ ගැටුමකින් පසු දකුණු චීන මුහුදේ ප්‍රකෝපකාරී සහ අනාරක්ෂිත හැසිරීම්වලින් ඉවත් වන ලෙස ඇමරිකා එක්සත් ජනපදය විසින් චීනයෙන් ඉල්ලා තිබේ.

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක මැතිව් මිලර් විසින් ඊයේ (29)දිනයේදී ප්‍රරකාශයක් නිකුත් කරමින් කියා තිබුණේ, පිලිපීන ආරක්ෂක හමුදාවන්ට හෝ පොදු යාත්‍රාවලට ප්‍රහාරයක් එල්ල කළහොත් ඊට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදය ක්‍රියාත්මක වනු ඇති බවයි.

මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් චීන විදේශ අමාත්‍යංශ්‍ය නිවේදනය කර තිබුණේ, පිලිපීන බෝට්ටු චීනයේ අවසරයකින් තොරව පෙර සැළසුමකට අනුව ප්‍රකෝපකාරී ලෙස ක්‍රියාත්මක වී ඇති බවයි.

මේ සම්බන්ධයෙන් පිලිපීන ජනාධිපති මාකෝස් අවධාරනය කර තිබුණේ, සිය රටේ අයිතීන්ට බලපෑම් කිරීමට චීනයට අවස්ථාව නොදෙන බවත්, කලාපීය වශයෙන් වඩ වඩාත් ආක්‍රමණශීලී චීනය හමුවේ වොෂින්ටනය සමඟ ආරක්ෂක සබඳතා ශක්තිමත් කිරීමට සැළසුම් කරන බවත්ය.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි