×

ඇමරිකාවෙන් රුසියාවට කනේ පහරක්, සම්බාධක තද කිරීමට සෙනට් සභාවේ අවධානය!

යුක්‍රේනය පිළිබඳ දරන ආකල්ප හා ඇමරිකාවේ එළඹෙන මැතිවරණයට අතපොවන රුසියාවට වැඩ වරදින ලකුණු..


රුසියාවට දැඩි නව සම්බාධක පැනවීම සඳහා නීති සම්පාදනය කිරීමට ඇමරිකා එක්සත් ජනපදයේ අවධානය යොමු ඇති බවට වාර්තා වේ. මෙයට හේතුව වන්නේ රුසියාව ඇමරිකාවේ එළඹෙන මැතිවරණයට අත පෙවීම හා යුක්‍රේනය පිළිබඳ දරන ආකල්පයි.

ඒ අනුව ඇමරිකාවේ සෙනට් සභාවේ විදේශ කටයුතු කමිටුව රුසියාවට දැඩි නව සම්බාධක පැනවීමට අවධානය යොමු කර තිබේ.

රිපබ්ලිකන් පාක්ෂික ප්‍රමුඛ මෙම කමිටුව විසින් එළඹෙන දෙසැම්බර් මස 11 වන දින ව්‍යාපාරික හමුවක් පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර, එහිදී මෙකී නීති සම්පාදනය කිරීමට අවධානය යොමුකරනු ඇතිබවට සෙනට් මාධ්‍ය ප්‍රකාශකවරියක පවසා සිටියාය. මෙම නීති සම්පානදනය තුළ Defending American Security from Kremlin Aggression Act නොහොත් ඩස්කා පනත ද සම්මත කර ගනු ඇති බවට ඈ සඳහන් කර සිටියාය.

මෙකී ඩස්කා පනත රිපබ්ලිකන් සෙනට් සභික ලින්ස්සේ ග්‍රැහැම් හා ඩිමොක්‍රටික් සභික බොබ් මෙනෙන්ඩෙස් ගේ මූලිකත්වයෙන් තවත් විදේශ කටයුතු කමිටු සාමාජිකයින් එක්ව පසුගිය පෙබරවාරි මස හඳුන්වා දෙන ලදී.

මෙම යෝජිත සම්බාධක වල ඉලක්ක වලට පහත සඳහන් දෑ ඇතුලත් වේ:

  1. විදේශ මැතිවරණ වලට අතපෙවීමට දරන උත්සාහයන් වලට උර දෙන රුසියානු බැංකු
  2. එරට සයිබර් අවකාශය
  3. නව ස්වෛරී ණය හා
  4. රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් වෙනුවෙන් සෘජුව හෝ වක්‍රව නීති විරෝධී හා දූෂිත ක්‍රියාකාරකම් සඳහා පහසුකම් සලසන පුද්ගලයන්

මීට අමතරව එකී සම්බාධක තුළින් රුසියාවේ තෙල් හා දහන වායුන් අංශ කෙරේ දැඩි අවධානයක් යොමු කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. රුසියාවේ රාජ්‍ය ආදායමෙන් 40% ක් පමණ තෙල් හා දහන වායු අංශය කෙරේ අවධානය යොමුකර ඇති අතර, එය රටේ බොරතෙල් සංවර්ධනයට ආධාර කිරීම සඳහා භාණ්ඩ, සේවා හෝ මූල්‍ය පහසුකම් සපයන පුද්ගලයින්ට අවසර දීම ද ඇතුළු බොහෝ අංශ කෙරේ බලපායි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි