×

ඉරානයට එරෙහිව ඇමරිකාව F-22 ප්‍රහාරක යානා මැදපෙරදිගට යවයි

මෙවැනි යානා කොපමණ සංඛ්‍යාවක් කටාරය වෙත පිටත් කලාදැයි යන්න ඇමරිකාව විසින් සදහන් කර නොමැත.


රහසිගතව සහ උපාය මාර්ගික ලෙස ප්‍රහාර එල්ල කළ හැකි F-22 ජෙට් ප්‍රහාරක යානාවන් කටාරය වෙත පිටත් කර හැරීමට ඇමරිකා එක්සත් ජනපදය විසින් කටයුතු කර ඇත.
මේ වන විට ඉරානයේ ක්‍රියාකාරකම් හමුවේ මැද පෙරදිග අර්බුදය උත්සන්න වෙමින් පවතී.

මෙම යනාවන් පිටත් කර හැරීම පිළිබදව ප්‍රකාශයක් නිකුත් කරන ඇමරිකානු ගුවන් හමුදා අණ දෙන මධ්‍යස්ථානය පවසන්නෙ එළැඹෙන බ්‍රහස්පතින්දා දිනයේ මෙම යානා කටාරයේ අල් උදෙයිද් ගුවන්පථයට ලගා වනු ඇති බවයි. මෙවැනි යානා කොපමණ සංඛ්‍යාවක් කටාරය වෙත පිටත් කලාදැයි යන්න ඇමරිකාව විසින් සදහන් කර නොමැත.


කටාරයේ අල් උදෙයිද් ගුවන්පථය

ඇමරිකානු ඩ්‍රෝණ ප්‍රහාරක යානයක් ඉරානය විසින් බිම හෙළීමෙන් පසු ඇමරිකාව විසින් ඉරානයට පහර දීමේ දැඩි සූදානමක සිටින අත ඒ මීට ඉහතදී ද ඇමරිකාව විසින් ඉරාන ආරක්ෂක පරිගණක පද්ධතිය වෙත හැකර් සයිබර් ප්‍රහාරයක් එල්ල කළ බවද අවධාරණය කරන ලදී. කෙසේ වෙතත් ඉරානය ප්‍රකාශ කලේ ඇමරිකානු ඩ්‍රෝණ යානා පැවතියේ ඉරාන ගුවන් සීමාව ඇතුලත බවයි. නමුත් වොෂිංටනය පවසන්නේ එම යානය පැවතියේ ජාත්‍යන්තර ගුවන් සීමාවේ බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි