×

ඉරානයට එරෙහිව ඇමරිකාව, මිසයිල පද්ධතියක් සහ ආයුධ රැගත් නැවක් මැද පෙරදිගට යවයි.

මේ සදහා පසුබිම වුයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව න්‍යෂ්ටික බෝම්බ නිෂ්පාදනයට අවශ්‍ය න්‍යෂ්ටික ශක්තීන් පිළිබද වැඩ සටහන ඉරානය විසින් මේ වින විට ක්‍රියාත්මක කරමින් සිටීමත් සමගිනි,


ඇමරිකා එක්සත් ජනපදය තමන් යටතේ වන ආරක්ෂක මිසයිල පද්ධතියක් මැද පෙරදිග රටවල් වෙත යැවීමට කටයුතු කර ඇත. ඒ මේ වන විට ඉරානය සමග උද්ගත වෙමින් පවතින හදිසි අර්බුදකාරී තත්ත්වයන්ට මුහුණ දීමටයි.

ඒ අනුව ඇමරිකානු ආරක්ෂක බලධාර\ින් පවසන්නේ ජලයේ මෙන්ම ගොඩ බිමේ රථ වාහන ප්‍රවාහණය කරන USS Arlington නෞකාව මේ වන විටත් පිටත් වී ඇති අතර එය ගල්ෆ් කලාපයේ පැහිටි ඇමරිකානු ඒබ්‍රහම් ලින්කන් ප්‍රහාරක කණ්ඩායම වෙත ළගා වෙනු ඇත.

එමෙන්ම මේ වන විට කටාරයේ පිහිටි ඇමරිකානු ආරක්ෂක කදවුර වෙත ඇමරිකානු B-52 වර්ගයේ බෝම්බ හෙලීම සදහා යොදා ගන්නා ගුවන් යානාද ළගා වී ඇත.

මේ වන විට ලෝකයේ අනෙකුත් බලවතුන් සහ ඉරානය අතර ඇති වී තිබෙන න්‍යෂ්ටික ගනු දෙනුව මේ වන විට අවසන් වීමේ මෙහොත ලගා වෙමින් පවතී,

මේ සදහා පසුබිම වුයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව න්‍යෂ්ටික බෝම්බ නිෂ්පාදනයට අවශ්‍ය න්‍යෂ්ටික ශක්තීන් පිළිබද වැඩ සටහන ඉරානය විසින් මේ වින විට ක්‍රියාත්මක කරමින් සිටීමත් සමගිනි, එක් සමග ඇමරිකා එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය ඉරානයට එරෙහිව සම්බාධක තව තවත් දැඩි කරන ලද්දේ ඉරානය විසින් ගෙන යන න්‍යෂ්ඨිනක වැඩ පිළිවෙළ තව හකුලා ගනු ඇතැයි බලාපොරොත්තුවෙනි. නමුත් ඉරානය පවසා සිටියේ තමන් විසින් ක්‍රියාත්මක කරන්නට යන මෙම න්‍යෂ්ටික වැඩපිළිවෙළ සාමකාමී බවයි. නමුත් 2015 වසරේදී ඉරානය රටවල් හයක් සමග එකගත්වයකට පැමිණියේය. ඇමරිකා එක්සත් ජනපදය, ප්‍රංශය, චීනය , රුසියාව සහ ජර්මනිය එම රටවල් 6 වේ.


එම එකගත්වය මගින් අවධානය යොමු කෙරුනේ ඉන්ධන ප්‍රතික්‍රියා කිරීම සදහා මෙන්ම න්‍යෂ්ටික අවි සදහා යොදා ගන්නා යුරේණියම් ධනාරෝපණය සීමා කිරීම කෙරෙහිය. නමුත් ඉරානය එම සීමාවන් ඉක්මවා යනු ලැබීමත් සමග ඉරානයට එරෙහි ව සම්බාධක තර කෙරිණි.

එකී පසු බිම මත පසු ගිය වසරේ නොවැම්බර් මස ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නැවතත් සිය සම්බාධක තර කෙරුණ අතර ඒ ඒ ඉරානයේ තෙල් සහ ආර්ථික ශක්තිමත් භාවය බිද දැමීමේ අපේක්ෂාවෙනි. මේත් සමග ඉරාන ආර්ථිකය පහත වැටෙමින් උද්ධමනය ඉහළ යෑම ආරම්භ විය.

ඇමරිකාව ගනු ලැබූ ක්‍රියාමාර්ගයන්ට විරුද්ධ වීමේ අපේක්ෂාවෙන් ඉරානය මේ වන විට
එක්සත් ජනපදය විසින් පනවා ඇති සම්බාධකවලින් ඉරාන තෙල් අලෙවිය ආරක්ෂා කර ගැනීම සඳහා තවත් පාර්ශවකාර රටවල් පහක්
එක්සත් ජනපද සම්බාධකවලින් ඉරාන තෙල් අලෙවි කිරීම ආරක්ෂා කර ගැනීම සඳහා දින 60 ක ගිවිසුමට තවත් පාර්ශවකාර රටවල් පහක් පැමිණ තිබේ. එසේ නොමැති වුවහෝත් යුරෝණියන් ධනාරෝපනය සම්බන්ධ සීමාවන් ඉක්මවා යෑමට ඉරානය පෙළඹෙනු ඇත.

මේ සම්බන්ධව ට්‍රම්ප් අදහස වූයේ තමන්ට නැවතත් මේ සම්බන්ධව ඉරානය හා සාකච්ඡා කාරීමට අවශ්‍ය බවයි එමෙන්ම ඉරානය විසින් ගෙන යන න්‍යෂ්ටික වැඩ පිළිවෙළ මැඩලීම සදහා මෙන්ම එමගින් මැද පෙරදිග කලාපයේ ඇති වී ඇති ගැටුම් පිළිබදවද ඉරානය හා සාකච්ඡා කළ යුතු බවයි.
නමුත් ඉරානය දැඩි ලෙස කියා සිටියේ තමන් පෙර එකගත්වයකට පැමිණි ගිවිසුම් නැවත සාකච්ඡා කළ යුත් නැති බවයි.

මේත් සමග මේ වන විට ඇමරිකාව පවසන්නේ ඉරානය යුද්ධයක් සදහා සූදානම් වන බවයි. නමුත් ඉරානය පවසන්නේ ඇමරිකාවේ වැඩ කට නැති කථාවක් මෙන්ම තමන් මෙම ක්‍රියා මාර්ග ගනු ලබන්නේ අවශ්‍ය පමණට වඩා තම රටට අත පෙවීම සදහා සිදු කරන මනෝමය සංග්‍රාමයක් බවයි.

එමෙන්ම ඉරානයේ Isna ප්‍රවෘත්ති සේවය ඉරාන ආගමික නායකයෙකු වන Yousef Tabatabai-Nejad විසින් සිදු ක ප්‍රකාශයක් උධෘත කරමින් පවසන්නේ ඉරානයේ එක් මිසයිලයකින් ඇමරිකානු ආරක්ෂක බල ඇණිය විනාශ කර දැමිය හැකි බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි