×

අද ඇමරිකාවට ඇත්තටම ‘ෆෝර්ත් ඔෆ් ජුලයි’ ද?

මීට කලකට ඉහත මිනියපොලිස් හීදී කළු ජාතික තරුණයකු වූ ජෝර්ජ් ෆ්ලොයිඩ් අමානුෂික ලෙස පොලිස් වධහිංසනයෙන් ඝාතනයට ලක්වීමේ සිදුවීමත් සමඟ වර්ගවාදය ඇවිලවීම ට එරෙහි කතිකාව දැඩි අන්දමින් යලි කරලියට පැමිණ තිබේ.


අද (ජූලි 04) එක්සත් ජනපදයේ නිදහස් දිනයයි. මෙම දිනය හඳුන්වන්නේ ‘ෆෝර්ත් ඔෆ් ජුලයි’ යනුවෙනි.

එදින එක්සත් ජනපදයේ රජයේ නිවාඩු දිනයක් වන අතර, 1776 වර්ෂයේ ජූලි 04 වන දින ඇමරිකාවට නිදහස ලැබීමට සමගාමීව මෙම දිනය සමරනු ලබයි.

මහාද්වීපික කොන්ග්‍රසය ප්‍රකාශ කර ඇති අන්දමට ඇමරිකානු ජනපද දහතුන තවදුරටත් බ්‍රිතාන්‍යයේ ඒකාධිපති රජතුමා වූ III වන ජෝර්ජ් රජුට යටත් නොවන බවත්, ඇමරිකාව නිදහස් හා ස්වාධීන රාජ්‍යයක් බවට ප්‍රකාශයට පත්වීමත් ඉන් සනිටුහන් කරනු ලබයි.

ඇමරිකාවේ නිදහස තහවුරු කිරීමට ජූලි 02 දින කොන්ග්‍රසය විසින් ඡන්දය ප්‍රකාශ කර තිබුණද, නිල වශයෙන් නිදහස ප්‍රකාශ කරනු ලැබුවේ ඊට දින දෙකකට පසුවයි.

ඇමරිකාවේ නිදහස් දිනය සාමාන්‍යයෙන් ගිනිකෙළි, පෙළපාළි, බාබකියු දැමීම, සැණකෙළි පැවැත්වීම, ප්‍රදර්ශන, විනෝද චාරිකා, ප්‍රසංග, බේස්බෝල් ක්‍රීඩා, පවුලේ සාමාජිකයන් නැවත එක්වීම්, දේශපාලන සාකච්ඡා සහ උත්සව ආදී කටයුතු ඔස්සේ සමරනු ලබයි.

ඊට අමතරව ඉතිහාසය, රජය සහ සම්ප්‍රදායන් ආමන්ත්‍රණය කරමින් විවිධ රාජ්‍ය හා පෞද්ගලික උත්සව එක්සත් ජනපදය තුළ පවත්වනු ලබයි.

ඇමරිකාවේ වත්මන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ සිය බිරිඳ මෙලෙනියා ට්‍රම්ප් අද දින නිදහස් දින සැමරීම සඳහා මවුන්ට් රශ්මෝර් වෙත පැමිණ තිබේ.

මෙම උත්සවය ආරම්භ වූයේ එක්සත් ජනපද නාවික හමුදාවේ බ්ලූ ඒන්ජල්ස්ගේ ප්‍රසංගයකින් වන අතර එහි නායකත්වය දරනු ලබන්නේ ප්‍රසිද්ධ රූපවාහිනී වැඩසටහන් මෙහෙයවන්නකු වන මේරි හාර්ට් විසිනි.

මෙහිදී ට්‍රම්ප් මහතා “සංස්කෘතිය අවලංගු කිරීමට” එරෙහිව හඬ නගනු ඇතැයි බොහෝ දෙනාගේ අපේක්ෂාවයි. නූතන ඇමරිකාව රොබට් ඊ. ලී හෝ හිටපු එක්සත් ජනපද ජනාධිපති වුඩ්‍රෝ විල්සන් වැනි පුද්ගලයන්ගේ ස්මාරක ඉවත් කළ යුතුය යන ස්ථාවරයේ පසුවන්නේ එම පුද්ගලයන් වර්ගවාදී අදහස් දැරි බැවිනි.

මීට කලකට ඉහත මිනියපොලිස් හීදී කළු ජාතික තරුණයකු වූ ජෝර්ජ් ෆ්ලොයිඩ් අමානුෂික ලෙස පොලිස් වධහිංසනයෙන් ඝාතනයට ලක්වීමේ සිදුවීමත් සමඟ වර්ගවාදය ඇවිලවීම ට එරෙහි කතිකාව දැඩි අන්දමින් යලි කරලියට පැමිණ තිබේ.

මෙහිදී ට්‍රම්ප් මහතා ට එල්ල වූ ප්‍රභලතම චෝදනාව වුයේ වර්ගවාදීන් ට විරෝධය පළ කල පුද්ගලයින් මර්දනය කිරීමට කටයුතු කිරීම හරහා වර්ගවාදී රැල්ල පෝෂණය කිරීමයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි