×

කොවිඩ්-19: ඇමරිකාව වාර්තා පිට වාර්තා තබයි. පරිපාලනය නිදිද?

මේ දක්වා වාර්තා වූ කොරෝනා අසාදන හා මරණ වලින් සියයට 25 කට ම වගකිව යුත්තේ එක්සත් ජනපදය බවට බොහෝ දෙනාගේ විවේචන එල්ල වේ.


එක්සත් ජනපදයේ කොරෝනා අසාදිත පුද්ගලයින් සංඛ්‍යාව ගතවූ පැය 24 තුල 48,000 කින් ඉහළ ගොස් තිබේ.

මෙය එරට කොරෝනා වසංගත තත්වය ව්‍යාප්ත වීම ආරම්භයේ සිට වාර්තා වූ ඉහළම අසාදිතයින් සංඛ්‍යාවයි.

ගතවූ සතිය තුළ ඇමරිකාවේ කොවිඩ්-19 ආසාදන සංඛ්‍යාව බෙහෙවින් ඉහල නැඟි අතර, දෛනික වශයෙන් නව අසාදන පිට පිට වාර්තා කර තිබිණ.

රොයිටර් පුවත්පත විසින් සිදුකළ විශ්ලේෂණයකට අනුව, ඇරිසෝනා, කැලිෆෝනියා, ෆ්ලොරිඩා සහ ටෙක්සාස් යන ප්‍රාන්තවලින් වාර්තා වූ කොරෝනා අසාදිතයින් මෙම දැවැන්ත ඉහළ යාමට හේතුවී ඇති අතර, එකී ප්‍රාන්ත ද ඇතුළුව ප්‍රාන්ත 14 ක ජූනි මාසය තුළ පමණක් නව අසාදිතයින් වාර්තා වීම දෙගුණයකින් වැඩිවී ඇත.

වසංගත ව්‍යාප්තිය තුල වත්මන් ට්‍රම්ප්-මූලික පරිපාලනය ගනුලබන ක්‍රියාමාර්ග පිළිබඳව විශාල කතිකාවක් මේ වන විට ගොඩනැගී තිබේ.

ඊයේ දිනයේදී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනතුරු අඟවා සිටියේ පවතින සෑම යාන්ත්‍රණයක් ම යොදා ගනිමින් කොරෝන වසංගතය පාලනය කිරීමට කටයුතු කළ යුතු බවය.

එසේ නොවන්නට කොරෝනා වසංගතය යනු දීර්ඝ කාලීන සංග්‍රාමයක් වනු ඇති බවට එම සංවිධානය අනතුරු අඟවන ලදී.

කොවිඩ් වසංගත තත්ත්වය තුළ ගෝලීය වශයෙන් මිලියන 10.6 කට වැඩි පිරිසක් ආසාදනය වී ඇති අතර, මිලියන භාගයකට වැඩි පිරිසක් මරණයට පත්ව තිබේ.

මෙම සංඛ්‍යාව ලෝක ජනගහනයෙන් සියයට 4 කි.

මේ දක්වා වාර්තා වූ කොරෝනා අසාදන හා මරණ වලින් සියයට 25 කට ම වගකිව යුත්තේ එක්සත් ජනපදය බවට බොහෝ දෙනාගේ විවේචන එල්ල වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි