×

තලෙයිබාන් හා ඇමරිකාව අතර සාම සාකච්ඡා සඳහා සූදානමක්

ඇමරිකා එක්සත් ජනපදය විසින් ඇෆ්ගනිස්ථානය අත්පත් කර ගන්නා ලද්දේ ඉන් පසුවයි. ඒ 9/11 ප්‍රහාරය ඇමරිකා එක්සත් ජනපදයේ ලෝක වෙළද සංකීරණයට එල්ල වීමත් සමගිනි.


17 වසරක් තිස්සේ ඇෆ්ගනිස්ථානයේ පැවති යුද්ධය නිමා කරමින් සාමය සදහා පියවර තැබීමට අදාළ පාර්ශවයන් දෙක එකඟත්වයකට පැමිණ ඇත.

පසුගිය දින කිහිපය පුරා කටාර්හීදී හමු වූ තලේබාන් නායකයන් සහ ඇමරිකා එක්සත් ජනපදයේ නියෝජිතයන් අතර පැවති සාකච්ඡා සාර්ථක මට්ටමට ගෙන එමින් මෙම සාම වැඩ පිළිවෙළ සදහා සසැළසුම් සකසන්නට දෙපාර්ශවයම සිය කැමැත්ත පළ කර සිටී,

ඇෆ්ගනිස්ථාන ජනපති අෂ්රෆ් ගානි විසින් මේ පිළිබදව විවෘත සාකච්ඡාවක් සදහා ඉස්ලාම් ආගමික කණ්ඩායම් වෙතින් ඉල්ලා සිටියද දිගින් දිගටම ඔවුන් විසින් ජනපතිවරයා සමග සාකච්ඡා කිරීම ප්‍රතික්‍ෂේප කර සිටින ලදී.

1996 සිට 2001 දක්වා ඇෆ්ගනිස්ථානය පාලනය කරන ලද්දේ මෙම ඉස්ලාම් ආගමික කණ්ඩායම් විසිනි.

පසුව ඇමරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයට බෝම්බ ප්‍රහාර එල්ල කළ 2001 සැප්තැම්බර් 11 (9/11 ප්‍රහාරය) සිද්ධියට තලෙයිබාන් සංවිධානයේ සෘජු සම්බන්ධයක් ඇතැයි සැක කිරීමත් සමග ඇමරිකාව ‘ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය‘ ආරම්භ කළේ ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කිරීම මගිනි.

ඇෆ්ගනිස්ථානයේ තලෙයිබාන් සංවිධානය සමග පැවති සටන හැඳින්වෙන්නේ ‘ඇමරිකාවේ දීර්ඝතම යුද්ධය‘ යන අන්වර්ථ නාමයෙනි. 

මෙම යුද්ධයේදී දස දහස් ගණනක ජීවිත හානියක් සිදුව ඇති අතර, ඇමරිකානු ඩොලර් බිලියන සිය ගණනක් වැය වී ඇතැයි සැලකේ. 

තලෙයිබාන් මර්දනය සඳහා ඇෆ්ගනිස්ථානයේ රඳවා තබා සිටින භට සංඛ්‍යාව 14,000 කි. 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි