×

පරිගණක ක්‍රීඩා ඉතිහාසයේ විශාලතම ත්‍යාගය Fortnite ශූරයා 16 හැවිරිදි කයිල් ට

ත්‍යාගයේ වටිනාකම මිලියන 3ක්


ඇමරිකා එක්සත් ජනපදයේ කයිල් ගියර්ස්ඩෝර්ප් පරිගණක ක්‍රිඩා ඉතිහාසයේ විශාලතම ත්‍යාගය දිනා ගැනීමට සමත් ශූරයා බවට පත් වෙයි. 16 හැවිරිදි ඔහුට හිමි වූ මුදල් ත්‍යාගයේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 3කි. ඒ Fortnite පරිගණක ක්‍රීඩාව සදහාය.

අන්තර්ජාලය තුළ Bugha නමින් ප්‍රසිද්ධ පරිගණක ක්‍රීඩකයෙකු වන කයිල් අවසාන තරගය සදහා සටන් වැදුනේ මෙහි දෙවන ස්ථානය හිමි වූ බ්‍රිතාන්‍ය ක්‍රීඩක ජාඩන් අශ්මාන් සමගිනි. ඔහුට ඇමරිකානු ඩොලර් මිලියනයක් හිමි විය.

ඊ ස්පෝර්ට්ස් නැත්නම් පරිගණක ක්‍රීඩා වේ සන්ධිස්ථානයක් ලෙස මෙම Fortnite ශූරතාව සහ කයිල්ගේ ජයග්‍රහණය හැදින්විය හැකි වේ. අවසාන තරගාවලිය සදහා අතිවිශාල පරිගණක තීර මත ක්‍රීඩකයන් 100 දෙනෙක් ක්‍රීඩා කරන අන්දම ප්‍රදර්ශනය කෙරිණි. මේ සදහා අවසන් තරග කරුවන් තෝරා ගැනීමට සති 10ක තරගාවලියක් පැවැත්වූ අතර රටවල් 30කට අයත් ක්‍රීඩකයන් 70 ක්ද ඇමරිකානු ක්‍රීඩකයන් 14 දෙනෙක් සහ බ්‍රිතාන්‍ය ක්‍රීඩකයන් 11 දෙනෙක් ඊට සහභාගී විය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි