×

ට්‍රම්ප්ගේ ආත්මාර්ථය නිසා ඇමරිකාව පැරිස් ගිවිසුමෙන් ඉවත් ‌වෙයි

ලෝකයේ ඉහළම ප්‍රමාණයකින් හරිතාගාර වායූන් විමෝචනය කරන රටක් වන ඇමරිකා ඒක්සත් ජනපදය ඒවැනි පසුබිමක සිට ගිවිසුමෙන් ඉවත් වූ ප්‍රථම රට බවට පත් වනු ඇත.


තමන් දේශ  ගුණික විපර්යාසයන්ට ඒරෙහිව සටන් කිරීම සදහා වන ගෝලීය ගිවිසුමෙන් ඉවත් වන බව ඇමරිකා ඒක්සත් ජනපදය ඒක්ස් ජාතීන්ගේ සංවිධානයට දන්වන ලදී. ට්‍රම්ප් පරිපාලනය මගින් මේ පිළබදව නිළ වශයෙන් දැනුම් දී ඇති බව ඒක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ විසින් පසු ගිය සදුදා ප්‍රකාශ කලේය.

ලෝකයේ ඉහළම ප්‍රමාණයකින් හරිතාගාර වායූන් විමෝචනය කරන රටක් වන ඇමරිකා ඒක්සත් ජනපදය ඒවැනි පසුබිමක සිට ගිවිසුමෙන් ඉවත් වූ ප්‍රථම රට බවට පත් වනු ඇත. ඇමරිකානු ජනපතිවරයා විසින් ඇමරිකාව තුළ ඉන්ධන , ගෑස් , සහ ගල් අගුරු කර්මාන්ත ඉහළ නංවන බවට ඇමරිකානුවන් ඉදිරියේ පොරොන්දු වීමත් සමග ඔහුගේ මෙම තීරණය ඉක්මන් වීමට හේතු විය.

දේශ ගුණික විපර්යාස යනු චීනය සහ රුසියානුවන් විසින් නිර්මාණය ලද මුසාවක් බවත් ඒය තමන් පිළි නොගන්නා බවත් මීට පෙර ඇමරිකානු ජනපතිවරයා විසින් ප්‍රකාශ කෙරිණ.
ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ විසින් පැරිස් ගිවිසුම ප්‍රකාරව කටයුතු කිරීම තම රටේ ආර්ථිකයට අසාධාරණ බරක් බව ප්‍රකාශ කෙරිණ. ගිවිසුමට අනුව හරිතාගාර වායූන් විමෝචනය වීම අවම මට්ටමක පවත්වා ගැනීමට තවද දුරටත් උත්සහා කළ නොහැකි බව ඔහුගේ මතයයි.

මේ පිළබදව නිවේදනය කරමින් ඇමරිකාව විසින් ඒක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලේකම් ඇන්ටෝනියෝ ගුටෙරස් වෙත ලිපියකින් දන්වා ඇත්තේ 2020 ඇමරිකා ඒක්සත් ජනපති මැතිවරණයෙන් දිනකට පසු ඒනම් නොවැම්බර් 4 දා යින් පසු ඇමරිකාව තව දුරටත් පැරිස් ගිවිසුමට අනුව කටයුතු නොකරනු ඇති බවයි.

ඇමරිකාවේ මෙම තීරණය පිළබදව තමන් අපේක්ෂා කළ බව පවසන පංශ ජනපති ඒමෑනුවෙල් මැක්‍රෝන් තවදුරටත් පවසන්නේ ” අපි මේ පිළබදව වඩාත් කණගාටු වන අතර ප්‍රංශය සහ චීනය අතර දේශ ගුණය සහ ජෛව විවිධත්වය පිළිපද ප්‍රංශ චීන හවුල් ගිවිසුම වඩාත් අවශ්‍ය වේ යන්නයි.

රාජ්‍ය්‍යන් 200කට ආසන්න සංඛ්‍යාවක් මෙම ගිවිසුමට ඒකග වී ඇති අතර ඉන් ඒ් සෑම රටක් විසින්ම ඒ් ඒ් රාජ්‍යයන් වන දේහ ුණීක විපර්යාසයන්ට තුඩු දෙන කාබන්ඩයොක්සයිඩ් විමෝචනය සීමා කිරීමට පොරොන්දු වී ඇත.

එක්සත් ජනපද හිටපු ජනාධිපති බරක් ඔබාමාගේ පරිපාලනය යටතේ එක්සත් ජනපදය මෙම ගිවිසුමට අත්සන් තැබූ අතර 2005 වසරේ සිට 2030 වන විට එක්සත් ජනපදය හරිතාගාර වායු විමෝචනය සියයට 26-28 ප්‍රමාණයකින් අඩු කරන බවට පොරොන්දු විය.

නමුත් ට්‍රම්ප් මෙම ගිවිසුම අවලංගු කරමින් කියි සිටියේ ඒක්සත් ජනපද ආර්ථිකයට හානියක් වන මෙම ගිවිසුමේ සිය රට ඉවත් විය යුතු බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි