×

චීන-ඇමරිකානු වෙළඳ ගිවිසුම: පළමු අදියර තුළම අපනයන දෙගුණ කිරීමට සැලසුම්! 

නව වෙළඳ ගිවිසුමට අත්සන් යොදන දිනය පිළිබඳ ඉදිරියේදී දැනුම් දෙනු ඇත..


චීන – එක්සත් ජනපද වෙළඳ ගිවිසුමේ පළමු අදියර ඔස්සේ ඉදිරි වසර දෙක තුළ ඇමරිකානු අපනයන ප්‍රමාණය දෙගුණ වනු ඇති බවට ඇමරිකානු වෙළඳ කටයුතු නියෝජිත රොබර්ට් ලයිට්හයිසර් පවසා සිටියේය.

යෝජිත නව චීන – ඇමරිකානු වෙළඳ ගිවිසුමේ පරිවර්තන කටයුතු හා සංශෝධන සිදුවීමට තවමත් පැවතියද එහි පළමු අදියර තුළම මෙකී අපනයන දෙගුණ කිරීමේ තීරණය අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක වනු ඇති බවට ඒ මහතා අවධාරණය කළේය.

ලයිට්හයිසර් මහතා පසුගිය ඉරු දින (15) සීබීඑස් නාලිකාවේ ෆේස් ද නේෂන් වැඩසටහනට සහභාගී වෙමින් ප්‍රකාශ කර සිටියේ යෝජිත නව එක්සත් ජනපද – චීන වෙළඳ ගිවිසුමේ අන්තර්ගතයේ සංශෝධනයන් සිදුකිරීමට පවතින මුත්, එහි කරුණු නිසැකවම ක්‍රියාත්මක වනු ඇති බවයි.

කෙසේ වෙතත් මෙකී වෙළඳ ගිවිසුම චීන – ඇමරිකානු ආර්ථික බලවතුන් දෙපළ අතර අත්සන් කිරීම සිදුවන්නේ කෙදිනකද යන්න දෙපාර්ශවයේම නිලධාරීන්ගේ තීරණය මත ඉදිරියේදී ප්‍රකාශ වනු ඇති බවද හෙතෙම සඳහන් කළේය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි