×

ඇමරිකාවේ කොරෝනා මරණ 141,000 – ‘අනවශ්‍ය’ පරීක්ෂා නැවැත්වීමට සැලසුම්

මෙකී මාර්ගෝපදේශ තවමත් සම්පාදන අවධියේ පසුවන අතර, එහි එක් අරමුණක් වන්නේ ස්වයං නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ පුද්ගලයින් නැවත පාසල්, රැකියා ස්ථාන වලට වාර්තා කිරීමට පෙර යළි පරීක්ෂාවන් වලට ලක්වීම අවම කරවීමයි.


එක්සත් ජනපදය අනවශ්‍ය වූ කොවිඩ් ආශ්‍රිත පරීක්ෂා අවම කිරීම සඳහා සැලසුම් සකස් කරමින් සිටින බව එරට සෞඛ්‍ය බලධාරීන් පවසයි.

කොවිඩ්-19 පරීක්ෂා අනවශ්‍ය ලෙස යෙදවීම අවම කිරීම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ සකස් කරනු ලබන්නේ පරීක්ෂා සිදුකිරීම සඳහා ගතවන කාලය අවම කර ගැනීමට බව බලධාරීන්ගේ මතයයි.

ඇමරිකාවේ සෞඛ්‍ය බලධාරීන් මේ බව සැලකර සිටියේ ඉකුත් බ්‍රහස්පතින්දා (16) දින ය.

මෙකී මාර්ගෝපදේශ තවමත් සම්පාදන අවධියේ පසුවන අතර, එහි එක් අරමුණක් වන්නේ ස්වයං නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ පුද්ගලයින් නැවත පාසල්, රැකියා ස්ථාන වලට වාර්තා කිරීමට පෙර යළි පරීක්ෂාවන් වලට ලක්වීම අවම කරවීමයි.

මේ පිළිබඳ අදහස් දක්වමින් එක්සත් ජනපද සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තු සහාය ලේකම් බ්‍රෙට් ජිරොයර් මහතා පවසා සිටියේ අනවශ්‍ය කොවිඩ් පරීක්ෂණ කොරා්නා මර්දන වැඩපිළිවෙලට බාධාවක් බවයි.

කෙසේවෙතත්, ඇමරිකාවේ මේ වන විට කොරෝනා වෛරස ආසාදනයෙන් මරණයට පත් සංඛ්‍යාව 141,000 ඉක්මවා තිබීම ද විශේෂත්වයකි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි