×

තවත් හමුදා භටයින් 1000 ක් මැද පෙරදිගට යවන්නට ඇමරිකාව තීරණය කරයි

ඉරානයේ එදිරිවාදිකම් සදහා සූදානම් වීම අරමුණයි


මැද පෙරදිග ආරක්ෂාව සදහා යැයි පවසමින් දැනට රඳවා සිටින ඇමරිකානු භට පිරිස් වලට අමතරව තවත් හමුදා භටයින් 1000ක් මැදපෙරදිගට පිටත් කර හැරීමට ඇමරිකාව පියවර ගෙන ඇත.

තම තීරණය සම්බන්ධව ඇමරිකාව පවසන්නේ පසුගිය වකවානුව තුළ ඉරානය විසින් සිදු කළ සතුරු ක්‍රියාවන්ට ප්‍රතිපක්ෂව මෙසේ සූදානම් වන බවයි.

පසුගියදා ඕමාන බොක්කේ දී විදෙස් ඉන්ධන නෞකා දෙකකට ප්‍රහාර එල් වූ අතර එම ප්‍රහාරවලින් පසුව ඇමෙරිකාව සහ ඉරානය අතර පැවති ගැටළුකාරී තත්ත්වය තවදුරටත් උත්සන්න විය.
මෙම ප්‍රහාරයන්ගේ වගකීම ඇමරිකාව විසින් ඉරානයේ කරමත පටවන ලද නමුත් ඉරානය අවධාරණය කලේ තමන් මෙම ප්‍රහාර වලට සම්බන්ධ නොවන බවයි.

නමුත් දිගින් දිගටම ඇමරිකාව ප්‍රාකාශ කරනු ලැබුවේ තමන් සතු බුද්ධි අංශ තොරුතුරු මෙන්ම වීඩියෝ පට වලින්ද මෙම ප්‍රහාරය ඉරානය විසින් සිදු කළ බවට පැහැදිලි බවයි. මේ සම්බන්ධව විනාශයට පත් එක් ඉන්ධන නෞකාවක හිමිකරු වන ජපන් සමාගමක් පවසා සිටියේ මේ සම්බන්ධව කිසිසේත්ම ඉරානයට චෝදනා කළ නොහැකි බවයි.

කෙසේ වෙතත් දැනටමත් ඇමෙරිකාවෙන් මැද පෙරදිගට තවත් ඇමෙරිකා හමුදා භටයින් දහසක් යැවීමට තිරණය කර අවසන් බව ඇමරිකානු වැඩබලන ආරක්ෂක ලේකම් පැට්‍රික් ෂැනහන් පවසයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි