×

වෙනිසියුලානු ජනපතිගේ සියලු ආදායම් නවතන බවට ඇමරිකාව තරයේ පවසයි.

ඇමරිකානු ඩොනල්ඩ් ට්‍රම්ප් රජය වෙනිසියුලාවේ සිදු කරන අත පෙවීම් මේ වන විට උග්‍ර අර්බුධයක් නිර්මානය කරමින් තිබේ


වෙනිසුයිලානු විපක්ෂ නායක ජුවාන් ගයිඩෝට එරට අන්තර්කාලීන නායකයා ලෙස පත් කරන්නට ට්‍රම්ප් රජයේ අත පෙවීමත් සමග ඇමරිකා එක්සත් ජනපදය සමග පවත්වන සියලු රාජතාන්ත්‍රික සමදතා නවතා දමන්නට ජනපති නිතොලාස් මධුරෝ විසින් සියලු පියවර ගැණිනි.
ඊට විරෝධතාවක් ලෙස ඇමරිකාව නිකොලස් මධුරෝගේ ආදායම් මාර්ග සියල්ල කපා හරින්නට කටයුතු කරන බව ඇමරිකානු ආරක්ෂක උපදේෂක ජෝන් බෝල්ටන් විසින් ප්‍රකාශයක් නිකුත් කර ඇත. එමෙන්ම වෙනිසියුලාවේ විපක්ෂ නායක ජුවාන් ගයිඩෝට අවශ්‍ය සහාය ලබාදීමට ඉදිරියේදී කටයුතු කරන බවද ඇමරිකා ජෝන් බොල්ටන් ප‍්‍රකාශ කරන ලදී.

මේ වන විට වෙනිසියුලාවේ උද්ගත වී තිබෙන අති විශාල ආර්ථික අර්බුදයට පිළියම් සෙවීමට වත්මන් ජනපති උත්සහා නොදරන බව පවසන ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනය වෙනිසියුලානු ජනපතිවරයා මත බලපෑමක් ඇති කරන්නට උත්සහා කරන්නේ වෙනිසියුලාවට සහයෝගය දක්වන හා නොදක්වන ජාත්‍යන්තර ප්‍රජාවක් බිහි කිරීමේ උත්සහයත් සමගිනි.

ඇමරිකාව සහ වෙනිසියුලාව අතර ගැටලුව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක කවුන්සිලයේ අවධානය මේ වන විට යොමුවෙමින් පවතී.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි