×

න්‍යෂ්ටික අවි පිළිබද ඉරානයේ අලුත් වෑයමක්! ඇමරිකාව අනතුරු අඟවයි

.


2015 වසරේ ලෝක බලවතුන් සමග පැමිණි එකගතාවය උල්ලංඝනය කරමින් ඉරානය න්‍යෂ්ටික අවි අත්හදා බලමින් සිටින බව ඇමරිකාව අනතුරු අගවයි.

ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මෙම ප්‍රකාශය සිදු කලේ ඉරානය සිය භූගත ෆෝඩෝ න්‍යෂ්ටික බලාගාරයේ ක්‍රියාකාරිත්වය වේගවත් කිරීමෙන් පසුව ය. ටෙහෙරානයේ “ප්‍රචණ්ඩත්වයට හා භීෂණයට” එරෙහිව අනතුරු ඇඟවූ ඔහු ඊට එරෙහිව වහාම පියවර ගන්නා ලෙස ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටියි.

යුරේනියම් හෙක්සැෆ්ලෝරයිඩ් කිලෝග්‍රෑම් 2,000 ක් (රාත්තල් 4,400) නටාන්ස් න්‍යෂ්ටික මධ්‍යස්ථානයේ සිට ෆෝඩෝව් වෙත මාරු කිරීමට පියවර ගැනීමෙන් පසුව ඉරානයේ පරමාණුක බලශක්ති සංවිධානය (AEOI) නවතම න්‍යෂ්ටික වැඩසටහන් පිළීබදව තහවුරු කලේය.

ඉතා ආරක්‍ෂිත ස්ථානයක කේන්ද්‍රාපසාරී 1,044 ක් සවි කර ඇති බව ඉරානය මීට පෙර නිවේදනය කළේය.

එක්සත් ජනපදය 2018 වසරේ මැයි මාසයේදී න්‍යෂ්ඨික ගිවිසුමෙන් ඉවත් වූ අතර ටෙහෙරානය වෙත අර්බුධකාරී පෙස සම්බාධක පනවන ලදී. ඔවුන් පැවසුවේ ඉරානය වැරදි දිශාව දෙසයට විශාල පියවරක් තබමින් සිටින බවයි.

2009 දී නිරාවරණය වන තෙක් ඉරානය එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් සඟවා තැබූ අතිශය සංවේදී ස්ථානයක් වන ෆෝඩෝව් හි න්‍යෂ්ටික ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම ඉන් පසු තහනම් කරන ලදී.


#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි