×

අයහපත් කාලගුණය ඇමරිකාවට වින කරයි.

මේ වන විට 8 දෙනෙකුට ජීවිත අහිමි වෙයි.



අධික ශිත කාල ගුණය සහ සුළු සුළං හේතුවෙන් මේ වනවිට ඇමරිකානුවන් 8 දෙනෙක් මිය ගොස් ඇත. පසුගිය බදාදා අමරිකාව හරහා හමා ගිය අධික ශීතල සහිත සුළි සුළං හෙවත් ධ්‍රැවීය සුළි සුළං තත්ත්වය හේතුවෙන් ඇමරිකාවේ ප්‍රාන්ත කිහිපයකම ජනතාව අසීරුතාවට ලක් වී තිබේ.
මෙම අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වන විට ඇමරිකාවේ සියලු පාසැල් වසා දමා ඇති අතර අනෙකුත් සේවාවන් සියල්ලද තාවකාලිකව අඩපණ වී ඇති බව වාර්ථා වේ.
ඇමරිකාවේ චිකාගෝ හී කාල ගුණය සෙල්සියස් අංශක -30 දක්වා පහත බැස ඇති අතර තවත් ප්‍රදේශ ගණනාවකම උෂ්ණත්වය එලෙස පහත බැස ඇත‍.

මේ වන විට රජයේ ගොඩනැගිලි කිහිපයක් නිවාස අහිමි ජනතාව වෙනුවෙන් ආරක්ෂාව සැපයීමට විවෘත කර ඇත.
මෙම තත්ත්වය හේතුවෙන් ගුවන් ගමන් සම්පූර්ණයෙන්ම නවතා දමා ඇති අතර අඩුම තරමේ ගුවන් යානා 2700ක් මේ වන විට සිය ගමන් වාර නවතා දමා ඇති බවවට වාර්ථා වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි