×

රුසියාවට “යුධ සහාය” සපයන උ.කොරියාවට එරෙහිව පියවර ගැනීමට ඇමරිකාව සූදානමින්!

නිමා නොවන යුධ උමතුව දිගටම...


රුසියානු – යුක්රේන යුධමය තත්ත්වය හමුවේ උතුරු කොරියාව රුසියානු පාර්ශවයේ පැත්ත ගනු ලබන බවට නිර්මාණය වී ඇති සංවාදය මේ වන විට උත්සන්න වී තිබේ.

යුක්රේනයට පහර දීම සඳහා උතුරු කොරියාව රුසියාවට “යුධ ආධාර” ලබා දීම සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ අවධානය යොමුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව, උතුරු කොරියානු යුධ ආධාර රුසියාවට ලබාදීමට එරෙහිව භාවිතා කළ හැකි “අතිරේක උපාංග” සහ “අධිකාරීන්” පිළිබඳ සොයා බැලීමට එක්සත් ජනපදය කටයුතු කරනු ඇති බවට එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක නෙඩ් ප්‍රයිස් මහතා මාධ්‍ය වෙත පවසා තිබේ.

ඊයේ (02) දින එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා තිබෙන්නේ යුක්රේනය අරඹයා උතුරු කොරියාවේ ක්‍රියාකලාපයට එරෙහිව භාවිතාකළ හැකි උපාංග සහ අධිකාරීන් තිබේ නම් ඒවා ක්‍රියාවට නංවන බවයි.

මේ අතර, එක්සත් ජනපදයේ ධවල මන්දිරයේ ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය ප්‍රකාශක ජෝන් කර්බි ප්‍රකාශ කර සිටියේ, යුක්රේනයට පහර දීමට සැලකිය යුතු ප්‍රමාණයක කාලතුවක්කු උණ්ඩ රුසියාවට රහසිගතව ලබා දීමට උතුරු කොරියාව කටයුතු කරමින් සිටින බවට තොරතුරු ලැබී ඇති බවයි.

ඡායාරූප: moderndiplomacy



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි