×

කොරෝනා වෛරසය සඳහා හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් හදිසි භාවිතය එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය විසින් අත්හිටුවයි

74 හැවිරිදි ජනාධිපතිවරයා කියා සිටියේ මෙම ඖෂධය තම ජීවිතය බේරා ගත් බව බොහෝ අය තමාට පැවසූ බවයි.


කොරෝනා වෛරසය සඳහා ප්‍රතිකාරයක් ලෙස මැලේරියා නාශක හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් හදිසි භාවිතය එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය(FDA) විසින් ඉවත් කර ඇත.

ඔවුන් කියා සිටියේ සායනික අත්හදා බැලීම්වලින් ලැබෙන නව සාක්ෂි මගින් මෙම ඖෂධය ප්‍රතිවෛරස් බලපෑමක් ඇති කරයි යැයි විශ්වාස කිරීම තවදුරටත් සාධාරණ නොවන බවයි.

සමහර බරපතල අවස්ථා සඳහා හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් ඖෂධය හදිසි ලෙස භාවිතා කිරීමට මාර්තු මාසයේ දී FDA විසින් අවසර ලබා දෙන ලදී.

නමුත් සඳුදා දින ඔවුන් කියා සිටියේ මාරාන්තික වෛරසයට ප්‍රතිකාර කිරීමේදී හයිඩ්‍රොක්සික්ලෝරෝක්වින් අකාර්යක්ෂම බවත් එය සායනිකව අධ්‍යයනය කර ඇති බවත් එයට නිරාවරණය වූවන් ආසාදන වැලැක්වීමට අපොහොසත් වී ඇති බවත්ය.

FDA විසින් ගත් තීරණයට ප්‍රතිචාර දක්වමින් ට්‍රම්ප් කියා සිටියේ තමා මීට පෙර කිසිදු අතුරු ආබාධයකින් තොරව මෙම හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් ඖෂධය භාවිතා කළ බවයි. “මම එම ඖෂධය භාවිතා කළා, ඉන් මට සුවයක් ලැබුණා,” ඔහු සඳුදා වාර්තාකරුවන්ට පැවසුවේ, “මට එම ඖෂධය ගැන පැමිණිලි කළ නොහැකිය, එය භාවිතා කිරීම නිසයි මා මෙසේ සුව තත්වයේ සිටින්නේ”.

74 හැවිරිදි ජනාධිපතිවරයා කියා සිටියේ මෙම ඖෂධය තම ජීවිතය බේරා ගත් බව බොහෝ අය තමාට පැවසූ බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි