×

විනාඩි 9 ක් තුළ බිළිඳුන් 6 දෙනෙකුට උපත: ඇමරිකානු කාන්තාවකගෙන් ලෝක වාර්තාවක්

ඇමරිකානු ජාතික කාන්තාවක්, විනාඩි 9 ක් ඇතුළත බිළිඳුන් 6 දෙනෙකුගේ මව බවට පත්වී ලෝක වාර්තා පොතට ඇතුළත් වූවාය.


වෛද්‍යවරුන් පවසන ආකාරයට මේ අන්දමේ සය දරු ප්‍රසූතියකට උරුම කම් කිව හැක්කේ කාන්තාවන් බිලියන 4.7 ක් අතරින් එක් අයෙකුට පමණි.

නිවුන් පුතුන් කට්ටල 2 ක් සහ නිවුන් දියණියන් කට්ටලයක් මේ බිළිඳුන් අතර වෙති. තෙල්මා චියාකා නමැති මේ මව, ඇගේ දියණියන් දෙදෙනාට මේ වන විටත් නම් තබා ඇත්තේ සීනා සහ සූරියල් යනුවෙනි.

ටෙක්සාස් කාන්තා රෝහලේදී මාර්තු 15 වැනිදා ඇය මේ දරු ප්‍රසූතිය සිදුකළේ අළුයම 4.50 ත් 4.59 ත් අතර කාලයේ ය.

උපත ලැබූ බිළිඳුන් සය දෙනාගේ බර රාත්තල් 1යි අවුන්ස 12 සිට රාත්තල් 2 යි අවුන්ස 14 දක්වා වේ. යහපත් සෞඛ්‍ය තත්වයේ පසුවන ඔවුන් තවදුරටත් රෝහලේ දැඩි අධීක්ෂණය යටතේ පසුවන බව ද විදෙස් වාර්තා සඳහන් කරයි.

මව ද යහපත් සෞඛ්‍ය තත්වයෙන් සහ සිනාමුසු මුහුණින් සිටින්නීය.

https://www.facebook.com/TheWomansHospTX/photos/a.10150220121896048/10156254576706048/?type=3&theater


#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි