×

වෙනිසියුලාවම නැවත නැවතත් අඳුරේ

වෙනිසියුලාවේ පරිපාලන ඒකක 23 අතරින් 18ටම සම්පූර්ණයෙන්ම විදුලිය විසන්ධිවීමක් සිදුව ඇත .


කාලයක් තිස්සේ උද්ගත වෙමින් පැවති දේශපාලනික අර්බුද විසින් වෙනිසියුලාව පැදුරෙනුත් බිමට ඇද වැටෙමින් සිටී.

මෙම තත්ත්වයෙහි නවතම අර්බුදය වී ඇත්තේ මුළු රටටම විදුලිය විසන්ධි වීම දෙවන වතාවටත් සිදුවීමය.

වෙනිසියුලාවේ පරිපාලන ඒකක 23 අතරින් 18ටම සම්පූර්ණයෙන්ම විදුලිය විසන්ධිවීමක් සිදුව ඇත . තොරතුරු සන්නිවෙදව කටයුතු අමාත්‍යවරයා ජෝර්ජ් රොඩ්‍රිගෝ පවසන්නේ විද්‍යුත් චුම්භක ප්‍රහාරයක් “electromagnetic attack” හේතුවෙන් මෙම විදුලි විසන්ධි වීම සිදු වූ බවයි. පසුගිය මාර්තුවේදීද වෙනිසියුලාවට මෙලෙසින්ම මුළු රටටම බලපාන පරිදි විදුලි විසන්ධි වීමක් සිදු වූ අතර සතියක් පුරා කාලයක් වෙනිසියුලාවම අදුරේ පැවතියේය‍. එමෙන්ම අප්‍රේල් මාසයේදීද එලෙසම සිදු විය.

ජනපති නිකොලස් මාධුරෝ පවසන්නේ මෙම සිදුවීම් ඇමරිකානු සහයෝගය ඇති විරුද්ධ වාදීන්ගේ කඩකප්පාල් කාරී ක්‍රියාවන්හී ප්‍රතිපලයක් බවයි. නමුත් විරුද්ධ පක්ෂය පවසන්නේ මෙසේ විදුලිය විසන්ධි වීමට හේතුව කාලාන්තරයක් තිස්සේ පැවති දූෂණ සහ ඌන ආයෝජනයන් හේතුවෙන් බවයි.

දරා ගත නොහැකි උද්ධමනය, විදුලිය බිද වැටීම, ආහාර හිගය, සෞඛ්‍ය පහසුකම් පහත බැසීම, මිලයන ගණනක් වෙනිසියුලානුවන් රට හැර යෑම කාලයක් තිස්සේ වෙනිසියුලානු වැසියන්ට අභාග්‍යය ගෙනා අර්බුධ වලින් කිහිපයකි.

විරුද්ධ පක්ෂ නායක ජුවාන් ගයිඩෝ සහ ජනපති නිකොලස් මාධුරෝ කාලයක් තිස්සේ බලයට පොර කමින් සිටින්නේය. 2018 වසරේ මාධුරෝට ජය ගෙනා මැතිවරණය අති අසාධාරණ බව පවසමින් විපක්ෂ නායක වරයා තමන් විසින් තමන්වම බලයේ පිහිටුවා ගත්තේය. නමුත් ඔහුගේ වෑයම අසාර්ථ වූ අතර තව දුරටත් ජනපති වූයේ මාධුරෝමය.

ුනමුත් එතැන් පටන් ඇමරිකාව සහ අනෙකුත් ලතින් ඇමරිකානු රටවල් ඇතුළුව රටවල් 50කට අධික සංඛ්‍යාවක් වෙනිසියුලානු ජනපති ලෙස සළකන ලද්දේ ජුආන් ගයිඩෝය.
නමුත් වෙනිසියුලානු ආරක්ෂක අංශ සහ චීනය සහ රුසියාව ඇතුළු රටවල් වෙනිසියුලානු ජනපති ලෙස සලකන්නේ මාධුරෝය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි