×

වෙනිසියුලානු විපක්ෂ නායකගේ බැංකු ගිණුම් අත්හිටුවයි. විදෙස් ගමනුත් තහනම්

මේ වන විට බරපතල ආර්ථික අර්බුධයක් වෙනිසියුලාව තුළ නිර්මාණය වී ඇති අතර දහස් ගණනින් වෙනිසියුලානු ජාතිකයන් රට හැර යෑම ආරම්භ කර ඇත.


වෙනිසියුලානු විපක්ෂ නායක ජුවාන් ගයිඩෝ ගේ සියළු බැංකු ගිණුම් අත්හිටුවන්නටත් ඔහුට රටින් පිටවීම තහනම් කරන්නටත් එරට අධිකරණය නියම කරන ලදී.
පසුගිය දින කිහිපය පුරා වෙනිසියුලානු ජනපති නිකොලායි මධුරෝ ට විරුද්ධව විපක්ෂනායක වරයා විසින් ගෙන ගිය වැඩ පිළිවෙළ සමග ඔහු විසින් වෙනිසියුලානු අන්තර්කාලීන ජනපති වරයා තමන් බව ප්‍රකාශයට පත් කරන ලදී,

මේ සමග ඇමරිකාව සහ තවත් රටවල් කිහිපයක් වෙනිසියුලානු විපක්ෂනායකයාට සහය දුන් අතර ජනපති නිකොලායි මධුරෝට සහය දීමට රුසියාව ඉදිරිපත් වී ඇත. මේ වන විට බරපතල ආර්ථික අර්බුධයක් වෙනිසියුලාව තුළ නිර්මාණය වී ඇති අතර දහස් ගණනින් වෙනිසියුලානු ජාතිකයන් රට හැර යෑම ආරම්භ කර ඇත.

මෙම තත්ත්වයත් සමග පැවති ජනපති වරණයේ ජය නිකොලායි මධුරෝ විසින් තහවුරු කළද විපක්ෂනායකවරයා පවසා සිටියේ මධුරෝ විසින් මැතිවරණ වංචා සිදු කළ බවයි. තමන් එරට ජනපති වරයා ලෙස ඔහු විසින්ම ප්‍රකාශ කරන ලද්දේ ඔහු විසින්මය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි