×

අධිකරණ නියෝගය නොතකා එක්සත් ජනපදය අපරාධ කල්ලි සාමාජිකයන් සිය ගණනක් එල් සැල්වදෝරට පිටුවහල් කරයි

කෙසේ නමුත් ඇමරිකානු ඉතිහාසයේ විශාලතම පිටුවහල් කිරීමේ මෙහෙයුම ක්‍රියාත්මක කරන බවට පොරොන්දු වීමෙන් ඔහු මැතිවරණ ප්‍රචාරක මාවතේ ඡන්දදායකයින් දිනා ගත් අතර මේ වන විට එය ක්‍රියාත්මක කරමින් සිටියි.


සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : වෙනිසියුලානු කල්ලි සාමාජිකයින් යැයි කියනු ලබන 200 කට අදික බන්ධනාගාර ගතකර සිටින පිරිසක් එක්සත් ජනපදයේ සිට එල් සැල්වදෝරයේ මෙගා බන්ධනාගාරය වන ත්‍රස්තවාදී සිර කඳවුරට පිටුවහල් කර ඇති බව වාර්තා වේ.

එල් සැල්වදෝර ජනාධිපති නයිබ් බුකෙල් මේ සම්බන්ධයෙන් සිය සමාජ මාධ්‍ය වේදිකාවේ සටහනය් එක් කරමින් කියා තිබුණේ, වෙනිසියුලානු කල්ලියේ ට්‍රෙන් ඩි අරගුවා සාමාජිකයින් 238 හා ජාත්‍යන්තර MS-13 කල්ලියේ සාමාජිකයින් 23 දෙනෙකු සිය රටට ගෙන ආ බවයි.

වොෂින්ටන් ඩීසී හි එක්සත් ජනපද දිස්ත්‍රික් විනිසුරු ජේම්ස් බෝස්බර්ග් පිටුවහල් කිරීම් දින 14 ක් නතර කිරීමට නියෝග කර තිබු මුත් අණ නොතකා මෙම පිටුවහල් කිරීම සිදුකර ඇති අතර ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව නඩුවට සම්බන්ධ වූ ඇමරිකානු සිවිල් නිදහස සංගමය පැවසුවේ අධිකරණ නියෝගය උල්ලංඝනය කර ඇති බවයි.

කෙසේ නමුත් ඇමරිකානු ඉතිහාසයේ විශාලතම පිටුවහල් කිරීමේ මෙහෙයුම ක්‍රියාත්මක කරන බවට පොරොන්දු වීමෙන් ඔහු මැතිවරණ ප්‍රචාරක මාවතේ ඡන්දදායකයින් දිනා ගත් අතර මේ වන විට එය ක්‍රියාත්මක කරමින් සිටියි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි