×

වෙනිසියුලානු විපක්ෂ නායක යළිත් රජයට එරෙහි කුමන්ත්‍රණයක

ජනතාවට වීදි බසින්නැයි ගයිඩෝගෙන් ඉල්ලීමක්.


වෙනිසියුලාවේ විපක්ෂනායක ජුවාන් ගයිඩෝ විසින් දිගින් දිගටම එරට පාලනය තමන් අතට ගන්නට දරන වෑයමෙ තවමත් අතහැර නැත. ඊයේ ඔහු විසින් ජනපති නිකොලස් මාධුරෝ ව කුමන්ත්‍රණයක් මගින් යටපත් කර ගන්නට උත්සහා දරන ලදී. සිය ආධාරකරුවන් ලවා උද්ඝෝෂණ දියත් කිරීම ඊයේ දින සිට මේ වන තෙක්ම ඔහුගේ අනුබලයෙන් සිදු වේ.

නමුත් මේ පිළිබදව ජනපතිවරයා රූපවාහානියට ප්‍රකාශයක් ලබා දෙමින් පවසා ඇත්තේ ජුවාන් ගයිඩෝට සිටින්නේ සුළු ආධාර කරුවන් පිරිසක් බවත් ඔවුන් කුඩා කණ්ඩායමක් බවත්ය.
මේ අතර තුර ඇමරිකානු රජය චෝදනා කරන්නේ ගයිඩෝගේ කුමන්ත්‍රණවලින් බේරී සිටීමට මාධුරෝ ජනපතිවරයා කියුබාවට පලා යෑමට සැරසෙමින් සිටින බවයි.
” ඔවුන් ගුවන් යානයක පලා යූමට සූදානමින් සිටියා. ඔහු අද උදෑසන ඒ සදහා සූදානම් වුණා ග අපට වැටුහුණ අයුරින් රුසියාව ඔහුට දැනුම් දුන්නා ඔහු පලා නොයා යුතු බවත් වෙනිසියාලුවේ රැදී දිටිය යුතු බව” CNN පුවත් සේවයට ප්‍රකාශයක් නිකුත් කළ ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පේ පවසා සිටියි.

ඊයේ නිකුත් කළ මිනිත්තු තුනක පටිගත කාලයක් සහිත වීඩියෝපටයක් නිකුත් කළ විපක්ෂ නායක ජුවාන් ගයිඩෝ පවසා සිටින්නේ ” එරට ආරක්ෂක අශ විසින් නිසි තීරණයක් ගෙන ඇති බවත් .. ඔවුන් නිවැරදි පාර්ශවය වෙනුවෙන් ඉතාහාසයේ සිටම පෙනී සිටිය බවත්ය”
එමෙන්ම වෙනිසියුලාන ජනතාවට වීදි බසින්නැයි උනන්දු කළ ඔහු 2014 වසරේ සිට අත් අඩංගුවේ සිටි තවත් විපක්ෂ දේශපාලකයෙකු වන ලියෝපොල්ඩෝ ලේපේස් සහ හමුදා ඇදුමින් සැරසුණ පිරිසක්ද මෙම වීඩියෝව තුළ දැක ගත හැකි විය.

කෙසේ වුවත් ජනපති මෙන්ම විපක්ෂනායක දෙදෙනාගේම ආධාරකරුවන් කැරකස් නගරයේ තැනින් තැන රැස් වී සිටිනු තවමත් දැක ගත හැකිය.

ඊයෙ මාධ්‍ය අනාවරණය කලේ ගයිඩෝ රජයට එරෙහි කුමන්ත්‍රණයක් සදහා සූදානම් වන බවයි. මේ සදහා ඔහු ඇමරිකානු සහය ලබා ගනිමින් සිටියි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි